අගමැති උපදෙස් පල දරයි…  බී.එම්.සී මාසික ආදායම ලක්ෂ 25 සිට ලක්ෂ 4250ට ඉහළ යයි…

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ සැලසුම් සහ උපදෙස් මත   සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, මෙම වසරේ ජූලි මාසයේදී පමණක් රුපියල් මිලියන 425 ක වාර්තාගත අදායමක් ලැබීමට සමත්ව සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

පසුගිය රජය සමයේ මසකට රුපියල් ලක්ෂ 15 ක ආදායමක් ලබමින් සිටි සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පසුගිය ජූනි මාසය වනවිට   රුපියල් මිලියන 155 ක් දක්වාත්  ජූලි මාසයේදී එය තුන් ගුණයකට ආසන්න අගයක් දක්වාත් ඉහළ නංවා ගෙන ඇති බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ කියයි.

2020 වසරේ මාර්තු 05 වැනි දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් විවෘත කරන ලද, සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නවීකරණය කරන ලද සුපිරි වෙළඳ මධ්‍යස්ථාන ප්‍රධාන ශාඛාව ඇතුළුව ශාඛා 17 ක් රටපුරා මේ වනවිට ක්‍රියාත්මක වෙමින් සේවාවන් සපයමින් ඇත.


පාරිභෝගිකයන්ට ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ ඇනවුම් කිරීමට අවස්ථාව ලබාදීම,සංස්ථා අලෙවි අංශය මගින් විවෘත ටෙන්ඩර් කැදවීමට මැදිහත්වීම, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව(SEC), රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව (SD&SC) සහ රජයේ කර්මාන්තශාලාව (Government Factory) වල පෙරනිමි උළුවහු, ජනේල් සහ බෝක්කු කානු (කොන්ක්‍රීට් සිලින්ඩර්) අලෙවි කිරීම ද සිදු කිරීමට නියමිතයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සියලු රාජ්‍ය සේවකයන්ට වට්ටම් සහිතව භාණ්ඩ ලබාදීම, රාජ්‍ය ආයතනවල ප්‍රධාන සැපයුම්කරු ලෙස කටයුතු කිරීම, සංස්ථාවේ නිවාඩු නිකේතන පාරිභෝගිකයන් හට ලබාදීම, සංස්ථාවට අවශ්‍ය සේවකයන් බඳවාගැනීම, සැපයුම්කරුවන්ගේ ජාලයක් ඇතිකිරීම, ඍජුව භාණ්ඩ සහ ගොඩනැගිලි ද්‍රව්‍ය මිලදීගැනිමට කටයුතු කිරීම මඟින් මෙම සේවාව වඩාත් පුළුල් හා කාර්යක්ෂම කර ඇත.

Exit mobile version