යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යළි කිසිදු දිනයක පොදු ජන පෙරමුණ සමඟ සන්ධාන ගත නොවීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තීන්දුවක් ගෙන ඇත. ඊයේ (24) සවස රැස්වූ ශ්‍රි ලකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් ඇතුළු ආධාරකරුවන්ට වර්තමාන ආණ්ඩුවෙන් සිදුවන මදිපුංචි කම් සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම දියකර හැරීමේ සූක්ෂම සැලසුමක් ක්‍රියාවට නැංවෙමින් පවතින බවට පිළිගත හැකි තොරකුරු අනාවරණය වීම නිසා බව පක්ෂ ප්‍රකාශකයෙක් ලංකාසර ට පැවසීය.
ඊයේ (24) සවස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාවට මෙම යෝජනාව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසින් ගෙනන ලද බව පැවසෙන අතර එයට මධ්‍යම කාරක සභාව එකඟතාව පළ කොට තිබේ. මෙම තීන්දුවට අමතරව ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී වෙනත් සන්ධානවලට එකතු වීම වෙනුවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට නායකත්වය හිමි වන ඒ වටා ගොනුව පක්ෂ සමඟ සන්ධනාගත විය යුතු බවටද තීරණය වී ඇත.
මේ වනවිට පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශණය කරන ජනාධිපති කොමිසමේ වාර්තාවේ නිර්දේශවලට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් අපරාධ චෝදනා ගොනු කිරීමට කරන ලද නිර්දේශ පිළිබඳව ද විවේචනාත්මක අදහස් එල්ල වි ඇති අතර ඒ පිළිබඳව විරෝධය දක්වමින් බොහෝ දෙනකු අදහස් ඉදිරිපත් කර ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වුවද මෙම අධිකරණ ක්‍රියාමාර්ග නවතාලීමට පක්ෂයක් ලෙස කිසිදු විටෙක පොදුජන පෙරමුණ සමඟ කේවල් නොකිරීමටද සහ අතරමැදි එකඟතාවන්ට පැමිණිම නුසුදුසු බවට යෝජනා කෙරී ඇති අතකර එවැනි තත්ත්වයක් පැමිණියහොත් ඊට සාර්ථකව මුහුණදීම පිළිබදවද අවධානයට ලක්ව ඇති බව පක්ෂ ප්‍රකාශකයෙක් තවදුරටත් ලංකාසරට පැවසීය.

Exit mobile version