ඡන්ද පෝස්ටරේ ඉදිරිපිට මැ.කො තදින් සිටී

ප්‍රසිද්ධ ස්ථානවල මැතිවරණ දැන්වීම් ප්‍රදර්ශනය කරන අපේක්ෂකයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම පහළොස් වැනිදා සිට ආරම්භ කරන ලෙස පොලිස් මූලස්ථානය සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත.

මැතිවරණ නීති රීති සම්බන්ධව අපේක්ෂකයන්ට දැනුම් දී ඇති උපදෙස් පිළිපැද ප්‍රසිද්ධ ස්ථානවල නීතිවිරෝධී ලෙස දැන්වීම් බැනර් හා ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කර ඇති ස්ථාන පටිගත කිරීම සඳහා අද සිට රටපුරා ඡායාරූප හා වීඩියෝ කණ්ඩායම් යෙදවීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර නීතිවිරෝධී ආකාරයට ප්‍රදර්ශනය කර ඇති කටවුට්, බැනර් හා දැන්වීම් ඉවත් කිරීම සඳහා ඊයේ රාත්‍රී රට පුරා මෙහෙයුම් දියත් කළ බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මෙලෙස ඉවත් කිරීමෙන් පසු නැවත ඒවා ප්‍රදර්ශනය කරන්නේ නම් එවැනි අපේක්ෂකයන්ට එරෙහි නීති දැඩිව ක්‍රියාත්මක කරන බව අවධාරණය කළේය.


Exit mobile version