බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

පොඩි වී යන දරුකැකුළු සියැසින් දැක කම්පිතවුණු ගුරුවරියකගේ ආත්මකථනය

by editor
ජූලි 24, 2021
in සමාජ
Child-Abused
Share on FacebookShare on Twitter

ලොව සංවේදී වචන අතරට ‘දරුවන්” යන වචනය එක් කළ හැක්කේ ඔවුන් අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය නිසාවෙනි. එහෙත් පසුගිය සතිය පුරා ඇසෙන්නට වූයේ දරුවන් ට සිදු වූ අපරාධ කතා පිළිබඳව ය. දරුවන් මරා දැමු හැටිය. දරුවන් දිවි නසා ගත් හැටිය.

මේ ඇසෙන සෑම සිදුවීමක්ම මා පෙළන්නේය. ආයාසයෙන් අමතක කරන්නට උත්සාහ කරන මතකයන් යළි මතුව මා විකල් කරන්නේය. මේ තුච්ඡ කතා ඇසෙන්නේ එවැනි අපරාධ නෑසෙන දවසක් ප්‍රාර්ථනා කරමින් සිටින විටය.

1989 නොවැම්බර් 20 දිනදී එක්සත් ජාතීන් ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරගන්නා ලද ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුව ඉතාම සරල අදහස නම් “අවුරුදු දහ අටට අඩු සියලු මනුෂ්‍යයන් දරුවන් ය..” යන්නයි. මේ අනුව අපරටේ අධ්‍යාපනය ලබන සියලු ශිෂ්‍යයන් දරුවන් ය. එසේනම් ගුරුවරයා කළ යුත්තේ දරුවන් විභාගය සඳහා සූදානම් කිරීම පමණක් නොවේ. ගුරුවරයා විෂය දැනුම පමණක් බෙදා හරින්නෙකුද නොවේ. දරුවන් ගේ හැසිරීම් රටා හඳුනාගෙන ඊට පිළියම් යෙදීමද කළ යුතුය.

අර්ධ නාගරික පාසලක ගුරුවරියක්මි. අර්ධ නාගරික වීම නිසාම විවිධ සමාජතලවල දරුවන් හා ගැටීමට සිදුවීම සාමාන්‍ය දෙයකි. දරුවන් ට සිදුවන පීඩන, හිරිහැර කරදරවලින් ඔවුන් ඇති තරම් මුදවාගෙන ඇත්තෙමි. ඒ සමහර මෙහෙයුම් දැලි පිහියෙන් කිරි කනවාට වඩා අමාරු විය.

8 ශ්‍රේණියේ දියණියකගේ චර්‍යා රටාවෙහි වෙනසක් දුටු මම ඇය සමීපයට කැඳවා තොරතුරු විමසා බැලුවෙමි. ඇය කියූ තොරතුරුවලට අනුව මව විදෙස් ගත වී සිටි අතර, පියා රාත්‍රියේ යහලුවන් සමඟ මත්පැන් බොමින් ප්‍රීති වන බව ඇය පැවසුවාය. ඇය මට කීවෙ ඇගේ ජීවිතය අවදානමක ඇති බවය. අදාල වගකිවයුතු පාර්ශවයන් දැනුවත් කර , විදෙස් ගත වී සිටින ඇගේ මවද සම්බන්ධ කරගෙන ඈ එනතුරු දියණිය ගේ ආරක්ෂාව තහවුරු කර දීමට කටයුතු කළෙමි.

දරුවන් සම්බන්ධයෙන් අසන්නට සිදුවූ සමහර සිදුවීම් මහපොළව නුහුලන ගනයේ ඒවාය. තවකෙකුට පැවසිය නොහැකි තරමේ පිළිකුල් සහගත ඒවාය.

සමාජ සම්මතයට අනුව පහත් කුල ධූරාවලියකට අයත් ගම්මානයක දරුවෝ මගේ පාසලට පැමිණෙති. ඔවුන් සතු සංස්කෘතික ලක්ෂණ ඔවුන් ගේ චර්‍යාවෙන්ම ප්‍රකට වූ නිසා පාසල තුළ සෙසු දරුවන් සමඟ සමානත්වයක් ලබා දීමට ගුරුවරු ලෙස අපට ආයාසයෙන් කටයුතු කරන්නට සිදු වී තිබුණි.

ඒ ගම්මානයේ සිට ඉතා රූමත් වයස අවුරුදු 12,ක (7 ශ්‍රේණිය ) දැරියක් හිමිදිරියේ ම පාසලට පැමිණෙන හේතුව සොයා බලන්න ට මට බාර වී තිබුණි. ඇය පැවසුවේ උදෑසනම පාසලට යන්නට මව බල කරන බවය. මම එය විශ්වාස නොකලෙමි. ඇගේ ඉරියව් කතා බහ පරීක්ෂා කළෙමි. සංවේදී ගුරුවරුන්ට දරුවන්ගේ චර්‍යාවන් නියමාකාරයෙන් ම සංජානනය වෙයි. පාසලේ විනය කමිටුවේ උදව්ද ඇතිව ඇගේ මේ චර්‍යාවන් නිරීක්ෂණය කිරීමට සිතුවෙමි. ඒ මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස ගුරුවරියක ලෙස ඉතා අමිහිරි අත්දැකීමකට මුහුණ දීමට සිදුවිය.
පාසලේ ප්‍රධාන ශාලාව අබලන් වී තිබුනි. එය ආරක්ෂිතව වසා දමා යාමට නිසි ක්‍රමවේදයක් නොතිබුණි. ඇය උදෑසන පැමිණ පාසලේ 11 ශ්‍රේණියේ පිරිමි දරුවෙකු සමඟ ලිංගික කටයුතුවල යෙදෙනු සියැසින් දැක ගැනීමට තරම් මම අවාසනාවන්ත ගුරුවරියක වුනෙමි. ඒ සිදුවීම මාසයක් පමණ තිස්සේ සිදුවී ඇති බව දැනගත් මොහොතේ මගේ හද කම්පා විය.

අදාළ අංශ දැනුවත් කිරීමෙන් පසු ඇය පැවසුවේ වැඩිහිටියන් ලෙස අප කිසිදිනෙක නෑසිය යුතු දෙයකි.

“අනේ ටීචර් . අපෙ ගුබ්බෑයමේ අපෙ අම්මයි තාත්තා යි මේ වගේ දේවල් කරනවා මං පුංචි කාල ඉඳලම දැකල තියෙනවා. තාත්තා ගෙ යාලුවො එක්කත් අම්මා එහෙම කරනවා. මං දන්නෑ ටීචර් ඒක ගොඩක් ලොකු වැරැද්දක් කියල ..”

මේ වචනවල ඇති යථාර්ථය වැඩිහිටියන් ලෙස අපි තේරුම් ගත යුතු වෙමු. එය ඒ වචන එකින් එක පහදා ගත යුතුය .

පාසලට ලිංගික අධ්‍යාපනය අත්‍යවශ්‍යව ඇත. එය රහසක් කොට සඟවන තාක්කල් දරුවන් අඳුරෙන් අඳුරට යනු ඇත.

දරුවන් දෙදෙනා ම පරිවාසභාරයට ලබා දෙනු විනා ගුරුවරු ලෙස අපට ඔවුන් ගොඩ ගත හැකි කිසිදු මඟක් නොවීය. ඒ තරමට ඒ සිදුවීම දුර දිග ගොස් තිබුනි.

දහතුන ශ්‍රේණියේ දැරියක් තම පියා බීමත්ව පැමිණ මවට වද දෙනු ඉවසා සිටිය නොහැකිව මහ රාත්‍රියේ පාරට බැස තිබුනේ නිනව්වක් නැතිවය. අවසානයේ ඇයට සිදු වූයේ පෙම්බස් දෙඩූ මත් රකුසෙකු අතින් අම්බලමකදී මිලින වන්නටය. ඇය පාසලට පැමිණ කළ දුක් අඳෝනාව අසා සිටිය නොහැකි තරම් වේදනා බරය.

“අනේ මගෙ ජීවිතේ විනාශ වෙයිද ටීචර්. මට කැම්පස් යන්න ඕන. ඔයා ට පුලුවන් ද මාව මේකෙන් බේරෙන්න …”
ඇගේ ආයාචනය අබියස ඇය උපදේශනයට යොමු කරන්න ත්, ඇය විනාශ කල මත් පෙම්වතා ගැන සොයාබලන්නට පොලිසිය දැනුවත් කරන්නටත් මම පාසලේ ගුරුවරුන්ගෙන් සහය ගත්තෙමි. ප්‍රාදේශීය ලේකම් තුමිය හරහා නිවසේ පවුල් ආරවුල් ගැන සොයා බලන ලෙසත්, ඒවා දරුවන් ගේ ජීවිත විනාශ වන තැනට සිදුවේනම් ගතයුතු පියවර ගන්නා ලෙසත් , ඔවුන් දැනුවත් කළෙමි.

ඇය ඉතා උසස් ලෙස උසස් පෙළ සමත් වූවාය. ඇය දැන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නියකි.

මේ වනවිට රට පුරා සායනවල ලියාපදිංචි වී ඇති ගැබිණි මව් වරුන්ගෙන් සියයට පහක්. සියයට හතක් අතර ප්‍රමාණයක් වයස අවුරුදු 18ට අඩු අය බව ළමා හා කාන්තා රාජ්‍ය අමාත්‍යාංශයේ ජාතික කාන්තා කමිටුව සිදුකල සමීක්ෂණයකින් හෙළි වී තිබේ. මෙලෙස වාර්තා වී ඇති ළමා ගැබ් ගැනීම්වලින් බහුතරයක් සිය පියා, සහෝදරයා, පෙම්වතා මෙන්ම පවුලේ ග්ඥාතීන් ගෙන් සිදු වී ඇති බව හෙලිවූ බව ජාතික කාන්තා කමිටුවේ විධායක අධ්‍යක්ෂවරිය වන මානෙල් ජයමාන්න විටෙක මා සමග පැවසුවාය.
මා තවමත් හඬවන එක් සිදුවීමක් ලියා තබා මේ සටහන නිමා කරමි. පාසල් නිවාඩු කාලයේ දිනෙක රෝහලේ කොරිඩෝවේ ගෙලවැලලා ගත් දරුවෙකුගේ පුවත අසා මම එතැන්ට දුව ගියෙමි. එදිනද මම අවාසනාවන්ත ගුරුවරියක වුනෙමි. ගෙලවැලලාගෙන තිබුනේ 11ශ්‍රේණියේ දරුවෙකි. ඔහු මවත් පියාත් අහිමිව නැන්දම්මා ගේ හෙවනේ සැදුණු පුතෙකි. ඔහු අවසනට ලියා තිබුනේ මෙවැන්නකි.

“මට දුක කියාගන්න කෙනෙක් නෑ .. මට පාලුයි ..ඉස්කෝලේ වත් තිබුන නම් මට මේ දුක දරාගන්න තිබුනා ” යනුවෙනි.

මම අපමණ කම්පාවට පත්ව නිවසට පැමිණියෙමි. පාසල් නිවාඩු දීමට පෙර..” ජීවිතයේ අභියෝග ජයගත යුතුය.” පාඩම මා විසින් දරුවන් ට උගන්වා තිබුණි. …පාඩම අවසානයේ මා කීවේ. මේ පාඩමට සහභාගි වූ කිසිවෙක් කිසි දිනෙක දිවිනසා නොගන්නා බවයි. ඉතා සිත්ගන්නා සුලු ලෙස මම දරුවන් ට ජීවිතය තේරුම් කළෙමි.

නිවසට පැමිණ ලේඛන පරීක්ෂා කර බලන විට මා ඇස ගැටුනේ එල්ලී මළ පොඩි එකා එදින පාඩමට සහභාගි වී නොතිබුණ බවය. මට කෑ ගසා හඬන්නට සිතුණි. අදටත් ඇගයීම් ලකුණු ගොන්නේ පෙනෙන ඔහු ගේ නම මම අත ගා බලමි. සිය දහස්වර හඬමි.

කොරෝනා වසංගතය හිස එසවීමත් සමඟ සමීප ගුරු සිසු සබඳතා දුරස්වන්නට විය. දැනට දියත් කෙරෙන වෘත්තීය අරගලය හේතුවෙන් දරුවන් එහෙම්පිටින්ම ගුරුවරයාගෙන් දුරස්වී හමාරය.

මේ සියලු ව්‍යසනයන් නිසා මේ වකවානුවේ දී දරුවන් ට සිදුවන විවිධ අපයෝජන වැඩි වැඩියෙන් අසන්නට ලැබෙන බවත් නෑසෙන ප්‍රමාණය මීට බෙහෙවින්ම වැඩි බවත් දනිමි. උවදුරු මැද අපේ දරුපැටවුන් හා උන්ගේ අනගාතය පිලිබඳ බැඳී සිටි අවසන් හුයත් අපි ගුරුවරු ලෙස බිඳ දමා ඇත්තෙමු.

වෙන කිසිවෙක් ගැන මා දන්නේ නැත. අනේ මම නම් දරාගත නොහැකි හෘදයසාක්ෂියේ අවනඩුවක පැටලී සිටිමි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටෝකියෝ යන්න ඔලිම්පික් කමිටුව තේරූ මාධ්‍යවේදීන් පිරිසකගේ පැටිකිරිය එළියට…

Next Post

බෙහෙත් විසිකළ බදියුදීන් ජාතික රෝහලෙන් යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

Comments 1

  1. තරංග says:
    වසර 5ක් ago

    පවතින දූෂිත දේශපාලනයේ බ්යකරු සභාව දැක, දැකත් වාර්තා කිරීමට මැලිකමක් දක්වන, පවතින රජයට රෙදි නැතිව කඩේ යන, මාධ්‍ය පසුබිමක අසරණ ජනතාවට ඇත්ත කියන්නට ඔබලා දරන මේ වෑයමට මම ස්තුති කරමි..

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.