2021 ලෝක කුසලානයේ පළමු තරග ජයග්‍රහණය ඕමානය ට!

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරමින් අද ඕමානය සහ නැමීබියාව අතර පැවති තරගයේ දී කඩුළු 10ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක ඕමාන කණ්ඩායම අද සමත් විය.

එම තරගය පැවැත්වුනේ   සුුදුසුකම් ලැබීමේ වටයේ පළමු තරඟය ලෙසිනි.

තරඟයේ කාසියේ වාසිය දිනු සත්කාරක ඕමාන කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර තිබුණි.


ඒ අනුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි පැපුවා නිව්ගිනියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 129ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමානය කිසිදු කඩුල්ලක් නොදැවී පන්දුවාර 13යි පන්දු 4ක් තුළ ලකුණු 131ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේත් සුදුසකම් ලබාගෙන සුපර් ලීග් වටයට යා යුතු අවස්ථාවකය. ශ්‍රී ලංකාව  සහභාගී වන පළමු තරඟය හෙට (18) නැමීබියාව සමඟ පැවැත්වෙන්නේය.

Exit mobile version