2011 ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ  වත්කම් ගැනත් සොයයි?

 

2011 ඉන්දියාවේ මුම්බායි හී දී පැවැති ලෝක කුසලාන තරගාවලියට ශ්‍රි ලංකාවෙන් නම් කළ සියලුම ක්‍රිඩකයන්ගේ වත්කම් පිළිබඳවද විමර්ෂණය කිරීම පිළිබඳව ක්‍රීඩා වැරදි පිළිබඳව විමර්ශෂණය ය කිරීමේ වි‍ශේෂ පොලිස් ඒකකය අවධානය යොමු කර ඇත.

හිටපු ක්‍රිඩා අමාත්‍යවරයකු වන  මහින්දානන්ද අලුත්ගමගේ මහතා 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පාවා දුන් බවට කළ ප්‍රකාශයට මත සිදු කෙරෙන විමර්ශෂණයට අනුව ඔවුන් මෙම වත්කම් සොයා බැලීම පිළිබඳව අවධානය යොමුව තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ප්‍රකාශය මත වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෑතකදී පිහිටුවන ලද ක්‍රීඩා වැරදි විමර්ශෂණය කිරීමේ විශේෂ පොලිස් ඒකකය මේ නවනවිටත් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති අතර එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා ඇතුළු පොලිස් කණ්ඩායමක් පසුගියදා නාවලපිටියට ගොස් අලුත්ගමගේ මහතාගෙන්ද ප්‍රකානයක් සටහන් කර ගත් අතර එහිදී මෙම තරගය සම්බන්ධ සැක කටයුතු අවස්ථා පිළිබඳව විමර්ශණය කරන ලෙස පිටු හයක වාර්තාවක් ලබා දී ඇති අතර අවශ්‍ය වුවහොත් මෙම ක්‍රිඩකයන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමටද කටයුතු කරමින් සිටින බව ලංකාසරට වාර්තා වේ.


Exit mobile version