හරීන් නතර කළ තැනින් පටන් ගන්න… අයි.සී.සී. ප්‍රධානියෙක් නාමල්ගෙන් ඉල්ලයි

‍ෙජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයෙ නිලධාරී ස්ටීව් රිචඩ්සන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හෙට( 18) වැඩ භාරගන්නා ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂට සුභ පතා දූෂණයෙන් තොර ක්‍රීඩාවක් වෙනුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු නතර කළ තැනින් පටන් ගන්නා ලෙස ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ පරීක්ෂණ කළ ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය ලොව දූෂිතම ක්‍රිකට් ක්‍රීඩාව සහිත රට ලංකාව බව වරෙක ප්‍රකාශ කළේය. ඊට හේතුව වූයේ මුදලට තරග පාවා දුන් පිරිස කෙටි කලක් තුළදී වැඩිපුරම හමුවූ රට ලංකාව වීමය. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ නියාමක බලයක් සහිතව සිටි තිලංග සුමතිපාලට පසු කාලයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීම්වලට පවා සහභාගී වීමට නොහැකි විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් හිටපු ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු කළ ප්‍රතිසංස්කරණ හේතුවෙන් තිලංග සුමතිපාල ක්‍රීඩා පරිපාලනයෙන් විසි වී ගියේය.

Exit mobile version