“සැලසුම් කළ හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකළ යුතුයි”

ඩලස් කියයි

ඉදිකිරීම් සැලසුම් කල හෝමාගම දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකළ යුතු බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

මෙම ක්‍රීඩාංගනය සම්බන්ධව කතා බහක් ඇති වූ බවත් එය ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් මට්ටමින් නොව පාසල් දරුවන් වෙනුවෙන් පහසුකම් සහිතව ඉදිවිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා පැවසුවේ කොළඹ සිට රත්නපුරය දක්වා හාඩ් බෝල් ක්‍රීඩා කිරීමට ක්‍රීඩාංගනයක් නොමැති බවය. රටේ දරුවන් වෙනුවෙන් දියගම ක්‍රීඩාංගනය හාඩ්බෝල් ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාංගනයක් ලෙස වැඩි දියුණු කළයුතු බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ ක්‍රීඩාංගනය රුපියල් බිලියන ගණන් වියදම් වන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් සේ අර්ථ දැක්වීම වැරදි සහගත බවද ඔහු කීවේය.

Exit mobile version