ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තැතිගත් ජ්‍යෙෂ්ඨයන් ක්‍රිකට් කුපාඩිකමක….

SL-INDIA-3RD-T20

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දසුන් ශානක වටා දක්ෂ තරුණ ක්‍රීඩකයන් පිරිසක් ගොඩ නැගෙමින් කණ්ඩායම ස්ථාවර වනවාත් සමගම මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය තහවුරු වී ඇතැයි සිතා සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පිරිසක් කලබල වී ඇති ආකාරය වාර්තා වේ.

මෙම ක්‍රීඩකයන් විසින් මේ වනවිටත් මුදල් වියදම් කරමින් සමාජ මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර ඔවුන් මතයක් ලෙස සමාජයේ ගොඩ නගමින් ඇත්තේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කණ්ඩායමට එක් කර කණ්ඩායම ශක්තිමත් කිරීම කළ යුතු බවය.

ශ්‍රී ලංකා කණ්ඩායම තුළ තිබූ බරපතලම ගැටලුව වූයේ කල්ලි වාදය බවත් දක්ෂතා යටකරෙගන කණ්ඩායම තුළ ගොඩනැගුණු කල්ලි නිසා සාමුහිකත්වය ගොඩනගා ගත නොහැකි වීම තරග පැරදීමට ප්‍රධානම හේතුව බවත් වාර්තා වූ අවස්ථා ගණනාවක් තිබිණි. එවැනි පරිසරයක දී තරු නැති ජාතික කණ්ඩායම තුළ ප්‍රභලව මතුවෙමින් ඇති කණ්ඩායම් හැඟීම සහ සාමුහිකත්වය විනාශ කිරීම මෙම මෙහෙයුමේ අභිලාෂයක් බව වාර්තා වේ.

මේ සමාජ මාධ්‍ය මෙහෙයුමට ක්‍රීඩකයන්ගේ කළමනාකාරවරුන් ද එක් වී සිටින බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග හෙළි කරයි. මීට අමතරව ජාතික කණ්ඩායමට තමන්ගේ ක්‍රීඩකයන් ඇතුළත් කරගැනීම සඳහා සමහර ක්‍රීඩක කළමනාකරුවන් තේරීම් කමිටුව අමතමින් බලපෑම් කරන නිර්ලජ්ජිත මට්ටමකට පත් වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මීට ඉහත වර්ෂ 2019 දී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ලෙස හඳුනාගත් පිරිසක් පකිස්තානු විස්සයි 20 සංචාරය වර්ජනය කරද්දී දසුන් ශානක යටතේ තරුණ කණ්ඩායමක් පකිස්ථාන තරගාවලියට යැවුවේය. එය දසුන් ගේ මුල්ම නායකත්වය විය. ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවති පළමු තරගය ලංකාව ලකුණු 64කින් ජයග්‍රහණය කළේය. වසර හයකට පසු පකිස්තානයට එරෙහිව ලංකාව ලබා ගත් පළමු විස්සයි 20 ජයග්‍රහණය එයය.

ශානකගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම එම තරගාවලියේ තරග තුනම 3 -0 ලෙස පකිස්තානයේ දී ජයග්‍රහණය කළේය. තමන් නායකත්වය දැරූ මුල්ම තරගාවලියේ දීම පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළ ලොව තුන්වන නායකයා වූයේ දසුන් ශානකය. මීට පෙර මෙවැනි ජයග්‍රහණ වාර්තා කර තිබුණේ ඉන්දීය නායක මහෙන්ද්‍ර සිං දෝණි සහ ඔස්ට්‍රෙලියානු නායක මයිකල් ක්ලාක්ය.

මෙවැනි ජයග්‍රහණයක් සහිතව රටට පැමිණි තරුණ කණ්ඩායමට ස්ථාවර වීමට ඉඩ නොදී දසුන් විස්සයි 20 නායකත්වයෙන් විසි කළේය. විස්සයි 20 නායකත්වයට ලසිත් මාලිංග පත් කළේය. ජයග්‍රාහී කණ්ඩායමේ සංයුතිය ද වෙනස් කළේය. පිට පිට තරග පරාජය විය. අනතුරුව මාලිංග වෙනුවට  බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා විස්සයි 20 නායකත්වයට නම් කළ දසුන් ශානකට ඇති වූ වීසා ගැටලුවක් නිසා ඔහුට එම තරගාවලියට සහභාගී වීමට නොහැකි විය.

අනතුරුව මීට මසකට පෙර එංගලන්තයේ දී කුසල් පෙරේරා යටතේ තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායාම තරග ආකාර සියල්ලෙන්ම අන්ත පරාජයට පත් විය. කණ්ඩායමේ උප නායකයා, කඩුලු රකින්නා, සහ ආරම්භක පිතිකරු ජෛව බුබුල කඩා අයාලේ ගොස් රටම විලි ලජ්ජාවට පත් කළේය.

මේ සියලු තත්වයන් යටතේ නායකත්වයෙන් ඉවත් කළ කුසල් පෙරේරා වෙනුවට දසුන් ශානකව යළි ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස නායකත්වයට නම් කෙරනි.
අනතුරුව ලංකාවේ දී ඉන්දියානු කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලියත් පරාජයට පත් විය. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රමයෙන් ශක්තිමත්ව ගොඩ නැගුනේය. එහි කූටප්‍රාප්තිය වූයේ ඉතිහාසයේ මුල්ම වරට ඉන්දියානු කණ්ඩායමක් විස්සයි 20 තරගාවලියකින් පරාජය කිරීමට දසුන්ට හැකි වීමය. තමන්ට වගකීම දුන් අවස්ථා දෙකේදීම දසුන් වාර්තා පොතට එක්වන ක්‍රිකට් හැකියාවන් පෙන්නුම් කළේය.

ඔහු ක්‍රමයෙන් ගොඩනැගුණු කණ්ඩායම ස්ථාවරවන බව පෙනෙන විට දැනට කණ්ඩායමෙන් විසිවී සිටිනා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විසින් අරඹා ඇති මෙම ව්‍යාපෘති සම්බන්ධව ක්ෂේත්‍රයේ බොහෝ දෙනා දැඩි අප්‍රසාදය පල කර සිටිති.

එමෙන්ම යළි යළිත් විනය කඩකිරීමේ චෝදනා සහිතව සිටිය දී එංගලන්තයේ දී ජෛව බුබුල බිද දැමූ ක්‍රීඩකයන් තිදෙනාට පංච පුද්ගල විනය කමිටුව මගින් ලබා දුන් පූර්ණ දඬුවම ලබා දෙන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව නිර්දේශ කර තිබුනේත් නැත.

Exit mobile version