විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ඇරඹේ!

world-cup

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අද (17) ආරම්භ වේ.

ඒ සුපිරි කණ්ඩායම් 12ට සුදුසුකම් ලැබීමේ පළමු වටයේ තරග වලිනි.

මෙම වටයේ තරග සඳහා ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 08ක් තරග වදිති. බංගලාදේශය, නෙදර්ලන්තය, ඕමානය, නැමීබියාව, ස්කොට්ලන්තය, පැවුවා නිව්ගිනියා, අයර්ලන්තය සෙසු කණ්ඩායම් වේ.


කණ්ඩායම් 04 බැගින් කාණ්ඩ දෙකක් යටතේ මෙම  තරග පැවැත්වෙන අතර සෑම කණ්ඩායමක්ම තම ඛාණ්ඩයේ අනෙක් කණ්ඩායම් තුන සමග මෙම වටයේ දී තරග වදිති. ඉන් කණ්ඩායම් 04ක් සුපර් ලීග් වටය සඳහා ගමන් කරයි.

තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ඕමානය සහ  පැපුවා නිව්ගිනියා අතරක්   දෙවන තරගය බංගලාදේශය සහ ස්කොට්ලන්තය අතරත් අද පැවැත්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාව සහභාගීවන මුල්ම තරගය ශ්‍රී ලංකාව හා නැමීබියාව අතර අබුඩාබිහි දී හෙට පැවැත්වේ.

Exit mobile version