වමත් ඕර්තඩොක් පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ඉනිම සුන් කරති…

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් කිසිවෙක් අපේක්ෂා නොකළ ආකාරයට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 204කට දැවී ගියේය. ඊයේ දිනයේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 106ක සම්බන්ධයක් පැතුම් නිශ්ශංක සහ දිමුත් කරුණාරත්න ගොඩනැගුවේය.

ශ්‍රී ලංකා කණඩායම අද ඉනිම ආරම්භ කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 113ක් ලබාගෙන සිටින්නේය.

ආරම්භක පිතිකරුවන්වන දිමුත් කරුණාතරත්න සහ දිමුත් කරුණාරත්න අර්ධ ශතකය පෙනි පෙනී ලකුණු 42 කට දැවී ගියේය. එම ලකුණු 42 සඳහා ඔහු පන්දු 90කට මුහුණ දුන්නේය. හතරේ පහර 06ක් එල්ල කළේය.


පැතුම් නිශ්ශංක නොදැවී ලකුනු 61 ක් ලබාගෙන සිටියේය. ඕෂධ ප්‍රනාන්දු සහ පැතුම් පන්දුවට පහර දීමට පිටියට පැමිණියේය.

දෙවන කඩුල්ල ලෙස ඕෂධ ප්‍රනාන්දු දැවී යනවිට ලකුණු 136කි. ඔහු ලකුණු 18ක් ලබා ගත්තේය.  ලකුණු 73ක් ලබා ගත් පැතුම් නිශ්ශංක තුන්වන කඩුල්ල ලෙස දැවී ගියේය. ඒ වනවිට මුළු ලකුණු සංඛ්‍යාව 152කි.

ඉතිරි කඩුලු 07ම ලකුණු 50ක් තුළ බිඳ හෙළීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වූයේ ක්‍රීඩා ලෝලීන් වික්ෂිප්ත කරමිනි. ඒ ලකුණු 50න් 29ක් ලබා ගත්තේ ඈන්ජලෝ මැතිව්ස්ය.

ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමූ විශිෂ්ට පන්දු යවන්නා වූයේ වමත් ඕතර්ඩොක් පන්දු යවන්නෙක් වූ වීරසම්මි පෙර්මව්ල්ය. ඔහු ලකුණු 35කට ශ්‍රී ලංකා කඩුලු 05ක් බිඳ හෙළුවේය.  එය ඔහුගේ ටෙස්ට් ජීවිතයේ හොඳම පන්දු යැවීම වූයේය.  අනෙක් වමත් ඕර්තඩොක් පන්දු යවන්නා වූ ජොමෙල් වොරිකන් ලකුණු 50කට කඩුලු 04ක් බිඳ හෙළමින් තවත් විශිෂ්ට පන්දු යැවීමක් රූපණය කළේය.

වමත් ඕර්තඩොක් පන්දු යවන්නෝ ශ්‍රී ලංකාව මුළුමනින්ම අසරණ කළහ.

පළමු ඉනිම ක්‍රීඩා කරන අරම්භක පිතිකරුවො බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පදනමක් ගොඩනගා සිටිති.  නායක ක්‍රෙයිග් බ්‍රෙත්වයිට් සහ ජෙමයින් බ්ලැක්වුඩ් ලකුණු 62ක සම්බන්ධතාවයක් ගොඩනගා තිබිය දී ප්‍රවීන් ජයවික්‍රමට ගොදුරු විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙවන දිනයේ අවසන් කාර්තුව වැස්සට සේදී ගියේය.  න්කෘම් බෝනර් ලකුණු 1ක ලබාගෙන නායක බ්‍රෙත්වයිට් සමග කඩුල්ලේ රැඳී සිටී. බටහිර ඉන්දීය කොදෙව්වන් එක් කඩුල්ලක් දැවී ලකුණු 69ක් ලබාගෙනය.

Exit mobile version