ලෝක කුසලානයට තේරූ 19න් පහළ කණ්ඩායම පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ අපේක්ෂා බිඳ දමලා…

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ගිය ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්නගේ පානදුර ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් තිදෙනකුම තෝරා ගෙන තිබීම පිළිබඳව   පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ කතා බහට ලක්ව තිබේ.

මොවුන්ට අමතරව ක්‍රිකට් ආයතනයේ ප්‍රවාහන කළමනාකරුගේ පුත්‍රයාද මෙම කණ්ඩායමට ඇතුළත්ව තිබීමත් විශේෂත්වයකි.

මෙම ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත් කර ගැනීම සඳහා ඉහළ ක්‍රිකට් බලධාරීන් දෙදෙනකු තේරීම් කමිටුවට බලපෑම් සිදු කර ඇතැයි ලංකාසරට වාර්තා වේ.

දකුණු පළාතේ දිස්ත්‍රික් සංගමයක සභාපතිවරයාගේ  පුත්‍රයකුද මෙම කණ්ඩායම නියෝජනය කරන අතර තම පුතු අසාර්ථක වීත් දිගටම කණ්ඩායමේ රඳවා ගැනීම සඳහා උදේ හවස ක්‍රිකට්  සභාපති වරයාගේ හා උප සභාපතිවරයාගේ කාමරවල ලගින බව ක්‍රිකට් ආයතනයේ සේවකයෝ පවසති. මොහු ක්‍රිකට් ආයතනයේ විවිධ කොන්ත්‍රාත් කරන්නෙකුද වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යොවුන් කණ්ඩායමේ නායකයාගේ පියා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සභාපතිත්වය දරණ සීසීසී ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කළමනාකරු වේ

Exit mobile version