දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වුණු පන්නල කොල්ලා…

ගෙවී ගිය සති අන්තයේදී  ශ්‍රී  ලංකා මලල ක්‍රීඩාවට අලුත් බලාපොරොත්තුවක් සපයන්නට පන්නලින් බිහිවූ තරුණයෙක් සමත් විය. ඔහු අබේකෝන් මුදියන්සෙලාගේ යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් ය. දැන් කවුරුත් දන්නා ලෙස ඔහු යුපුන් අබේකෝන්ය.   පසුගිය වසරේ හිමාෂ ඒෂාන් විසින් පිහිටුවා තිබූ මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව යුපුන් විසින් බිඳ දැම්මේය. දැන් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන්ය.

Yupun-Abekoon
යුුපුන් අබේකොන් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වුන මොහොත…

ජර්මනියේ පැවැති ආරාධිත ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 ඉසව්ව නියෝජනය කළ යුපුන් අබේකෝන් එම ඉසව්ව තත්පර 10.16කින නිමා කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ හිමාෂ හේෂාන් අදාළ ඉසව්ව නිමා කර තිබුණේ තත්පර 10.22කිනි. යුපුන් අබේකෝන් සහභාගීවු ජර්මනියේ ආරාධිත ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 ඉසව්වේ දෙවැනි ස්ථානයට පත් වූ ජර්මනියේ මීටර් 100 ශූරයා වන අලාම් ඩෙනිස් තරගය තත්පර 10.18 කින් නිමා කළ අතර ලෝකඩ පදක්කම දිනා ගත් අස්කොවික් අල්කාසා තත්පර 10.41 කින් තරගය නිමා කළේය.

යුපුන් ක්‍රීඩාවට අවතීර්ණ වන්නේ පන්නල ජාතික පාසලෙනි. අනතුරුව වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලෙන් වැඩිදුර අධ්‍යපනය ලැබූ යුපුන් ජතික තරග බිමට අවතීර්ණ වන්නේ ඒ  ඒ හරහාය.


මීටර් 100X4 රන් පදක්කම දිනා දකුණු ආසියිනු ක්‍රීඩා උළෙල වර්ණවත් කළ කණ්ඩායම වමේ සිට… යුපුන් අබේකෝන්, විනෝජ් සුරන්ජය, හිමාෂ එෂාන්, චනුක සන්දීප

ඉකුත් වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මී.100X4 සහය දිවීමේ කණ්ඩායමේ සාමාජිකයකු වෙමින් රන් පදක්කම දිනා දීමට සමත් වූ යුපුන් මේ වනවිට ඉතාලියේ සිටිමින් නේවාසිකව සිය පුහුණුවල නිරත වෙමින් සිටී. ශ්‍රී ලංකාවේ ගෘහස්ත මී.60 වාර්තාව පිහිටුවලා තියෙන්නෙ මම.  ශ්‍රී ලංකාවේ ගෘහස්ත මී.60 වාර්තාව පිහිටුවා ඇති ඔහු සිය අන්තර්ජාතික ජයග්‍රහණය ගැන කියන්නේ මෙසේය.

“මම දැන් අවුරුදු පහක ඉඳන් පුහුණුවීම් කරන්නෙ ඉතාලියේ. මම නේපාලයේ තිබ්බ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 100X4   සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කළා. මට හැකි වුණා එම ශූරතාවය දිනු කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස මගෙ යතුකම් ඉටු කරන්න… ජර්මනියේ දේශාන්වල තිබ්බ මේ තරගාවලියට මට ආරාධනා කළා. ශ්‍රී ලංකාවෙන් සහභාගි වුණේ මම විතරයි. එතනදි මට දකුණු ආසියානු වාර්තාව මෙන්ම ශ්‍රී ලංකාව වාර්තාවද පිහිටුවීමට හැකිවීම ගැන විශාල සතුටක් තියනවා…“

දකුණු අසියානුයාවේ වේගවත්ම මිනිසා ලෙස මීට පෙර වාර දෙකකදී හිමාෂ ඒෂාන් වාර්තා පිහටවූයේය. ඔහු 2016 වසරේදී පැවැති දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලේ දී  තත්පර 10.26කින් මීටර් 100 ඉසව්ව නිමා කිරීමට සමත් විය.  ඒ ඊට පෙර චින්තක ද සොයිසා තබා තිබූ තත්පර 10.29 වාර්තාව බිඳ හෙළමිනි.   ඉන් වසර 3කට පසුව එනම් පසුගිය වසරේදී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති ජාතික තේරීම් තරගයේදී හිමාෂ විසින්  තමාගේම වාර්තාව බිඳ දැම්මේය. ඒ මීටර් 100 ඉසව්ව තත්පර 10.22කින් නිමා කරමිනි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 100 ඉසව්වේදී මෙවැනි කාලයක් සටහන් කළ පළමු ක්‍රීඩකයා බවට යුපුන් පත්ව තිබේ.

යුපුන් අබේකෝන්

එය මෙම වසරේදී ක්‍රීඩකයෙකු මීටර් 100 ඉසව්වෙන් වාර්තා කළ 32 වැනි හොඳම කාලය ය.  එහෙත් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ඔලිම්පික් තරගාවලියේ පරිසාධන මට්ටම පසුකර නැත   ලබන වසරේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ පාරිසාදන මට්ටමට පැමැණීමට නම් යුපුන් ගේ කාලය තත්පර 10.05කට අඩුවෙන් රඳවා ගත යුතුය.

ඒ සඳහා ඔහුට   ලබන දෙසැම්බර් පළමු වැනිදා සිට ජූනි  දක්වා කාලය තිබේ. මේ වන විට යුපුන් අබේකොන් පසුවන්නේ 25 වැනි වියේය.  මේ වෙනවිට ඔහුගේ ප්‍රධාන ඉල්ක්කය වී ඇත්තේ ඔලිම්පික් පරිසාධන මටට්මට ලඟා වීමය. කොවිඩ් වසංගතය නිසා ඉතාලියේ නැවතී තිබූ පුහුණු වීම් දැන් අරඹී ඇත.  ඔහු මේ වනවිට බලාපොරොත්තු සහිතව පුහුණුවීම්වලය.

ඔහු මේ වනවිට පුහුණුව ලබමින් සිටින්නේ සිය ඉතාලි ජාතික පුහුණුකරුවන් වන මව්රිස් යූ රිපරෙල්ලි සහ මිචර් දෙල්ලෝ යටතේය.

“ ලංකාවේදී මට ගොඩක් පුහුණුකරුවන් හිටියා. ඒ සියලු දෙනාටමත් මගේ ජයග්‍රහණය වෙනුවෙන් ස්තුති වන්ත වෙනවා. මට ක්‍රීඩා ඇමැතිවරයා කතා කළා. එතුමා මගෙන් ඉල්ලා සිටියේ   කොහොම හරි ඔලිම්පික්   පරිසාධන මට්ටම ඉක්මවා යන්න කියලා.”  යුපුන් අපට කියන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු දැන් ලංකාවේ අලුත්  ක්‍රීඩා බලාපොරොත්තුව වී තිබේ.  ක්‍රීඩා ඇමතිවරයාට අමතරව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකය සහ ක්‍රීඩා සභාවේ සභාපති වන මහේල ජයවර්ධන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ද  යුපුන්ට සුබ පැතුම් එක්කර ඇත. මේ රටේ පොඩි මිනිස්සු හදවතින්ම ඔහු හා සිටිති. ඒ නැවත ඔලිම්පික් පදක්කම් සම්බන්ධ සිහින සේයාවක් දකිමිනි.

Exit mobile version