බටහිර ඉන්දීය කොදෙව්වෝ  සුපිරි වටයේ දී පිට පිට දෙවන පරාජත් ලබති…

විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැති තරඟය කඩුලු 8කින් ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (26) සමත් වුනේය.

කණ්ඩායම් දෙකම තරගව වැදුනේ පරාජිත කණ්ඩායම් දෙකක් ලෙසිනි. බටහිර ඉන්දීය කොදෙව්වෝ  ලෝක කුසලාන ඉතිහාසයේ තුන්වන අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී යෑම වර්තා කළේ ලකුණු 55කට දැවී යමිනි. දකුණු අප්‍රිකාවත් තරගයට එක් වූයේ පරාජිත කණ්ඩායමක් ලෙසය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම   පිට පිට ලැබූ දෙවන පරාජයත් වාර්තා කළේය.  වනවා.

තරඟයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කලේය. ඔවුන් පන්දු වාර 20 තුළ දී කඩුලු 08ක් දැවී ලබා ගත්තේ ලකුණු 143කි.


එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් එවින් ලුවිස් ලකුණු 56ක් රැස් කළේය. අතර නායක කයිරන් පොලා(ර්)ඩ් ලකුණු 26ක් එක් කළේය.

පන්දු යැවීමේදී ඩ්වේන් ප්‍රිටෝරියස් කඩුලු 3ක් දවාගත් අතර කේෂව් මහාරාජ් කඩුලු 2ක්  දවා ගනු ලැබුවේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 2ක් තුළ ජයග්‍රහණය වාර්තා කළේ කඩුලු 02ක් පමණක් දැවී යමිනි.

එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් රසී වැන් ඩර් ඩුසන් ලකුණු 43ක් හා ඒඩන් මාක්‍රම් ලකුණු 51ක් රැස් කළහ.

මෙම තරගයේ දී ලෝක අවධානයට ලක් වුණු සිදුවීමක් වාර්තා වුණේය.  එජාතිවාදයට එරෙහිව විරෝධය පළකරමින් දණගැසීමේ සංකේතාත්මක ප්‍රකාශනය ප්‍රතික්ෂේප කළ    දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු  මෙන්ම කඩුළු රකින ක්‍රීඩක කුවින්ටන් ඩී කොක්  කණ්ඩායමෙන් ඉවත් කිරීමය.

ජාතිවාදයෙන් තොරව ලෝකය දෙස බැලීම උදෙසා පුද්ගල ආකල්පම වෙනසක් ඇති කිරීමේ අරමුණු සහිතව මෙම සංකේතාත්මක ප්‍රකාශනය සිදු කිරීමට තින්දු වී තිබිණි. ඒ මානුෂීය විරෝධයට ක්‍රීඩකයෝ නොපැකිල එක් වූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාතිවාදයෙන් දැඩි ලෙස බැට කෑ රාජ්‍යයක්වන දකුණු අප්‍රිකානුවන් මේ දණ නැමීමේ සංකේතාත්මක ප්‍රකාශනය සඳහා අවිවාදිතව ඉදිරිපත් වෙද්දී ජාතිවාදයට එරෙහිව දණ නැමීම ප්‍රතික්ෂේප කළ කුවිටන් ඩී කොක් විසින් ගනු ලැබූ මෙම පෞද්ගලික තීරණය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කණ්ඩායම් කළමනාකාරිත්වයෙන් වාර්තාවක් කැඳවා ඇතැයි වාර්තා විය.

 

Exit mobile version