බංගලාදේශය කඩුලු 7කට ලකුණු 147යි.. ශ්‍රී ලංකාව ඕවර 9ක දී ලකුණු 61යි කඩුලු 3

අයි.සී.සී විස්සයි 20 තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන පෙර පුහුණු තරගයේ බංගාලාදේශ ඉනිම මේ වනවිට අවසන් වී ඇත. කාසියේ වාසිය දිනාගෙනපන්දුවට පහරදීම තෝරා ගත් බංගලාදේශ පිතිකරුවන් පන්දු ඕවර 20 තුළ ලකුණු 147කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වී තිබේ.

මේ වනවිට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර නවයක් අවසානයේ  කඩුලු  තුනක් දැවී ලකුණු 61 ලබාගෙන තිබේ. ප්‍රවීනයන් යළිත් අසාර්ථක වී සිටිති. කුස්ල් ජනිත් 04කටත්  චන්දිමාල්  ලකුණු 13කටත් දැවී ගොස් තිබේ. පැතුම් නිශ්ශංක ලකුණු 15කි. භානුක රාජපක්ෂ සහ අවිශ්ත ප්‍රනාන්දු පන්දුවට පහර දෙමින් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අබුඩාබි හි ටොලරන්ස් ඕවල් ක්‍රීඩාංගණයේදී තරඟය පැවැත්වෙමින් තිබේ.


 

Exit mobile version