පළමු විස්සයි 20 තරගය දකුණු අප්‍රිකාව ලකුණු 28කින් ජය ගනී….

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද (10) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවති පළමු විස්සයි 20 තරගයෙන් ලකුණු 28ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ.  ඒ ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු  135කට සීමා කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ දකුණු අප්‍රිකානු කණ්ඩායමය. පළමුව පන්දුවට පහර දෙමින් ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවෝ වූ  ක්වින්ටන් ඩි කොක් සහ රීසා හෙන්ඩික්  පළමු කඩුල් වෙනුවෙන් ලකුණු 73ක සමබන්ධයක් ගොඩනැගූහ. ඩිකොක් ලකුණු 36ක් හා හෙන්ඩ්‍රික් ලකුණු 38ක් ලබා ගත්තේය.

පළමු කඩුල්ල ලෙස  හෙන්ඩ්‍රික් ලකුණු 36කට දැවී ගියේය.  පන්දු 30ක දී ලකුණු 38ක් හෙන්ඩ්‍රික්ස් ලබා ගත්තේය.


විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ තුන්වන කඩුල්ල සඳහා පිටියට පැමිණි ඒඩ්න් මැක්‍රම්  පන්දු 33ක දී ලකුනු 48ක් ලබා ගත්තේය. ඩේවිඩ් මිලර් පන්දු 15ක දී ලකුණු 26ක් ලබාගෙන දකුණු අප්‍රිකාව ලකුණු 263ක  තියුණු ඉලක්කයක් කරා රැගෙන ගියේය.

පන්දු යැවීමේ දී හොඳ පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග පන්දු ඕවර හතරක් යවා  ලකුණු 23කට කඩලු 2ක් බිඳ හෙළීය. දුෂ්මන්ත චමීර පන්දු ඕවර 4ක් යවා ලකුණු 35කට එක් කඩුල්ලක්, මහේෂ් තීක්ෂණ පන්දු ඕවර 4ක් යවා ලකුණු 35කට කඩුල්ලක්, දසුන් ශානක පන්දු ඕවරයක් යවා ලකුණු 6කට කඩුල්ලක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූයේ දිනේෂ් චන්දිමාල් සහ අවිශ්ක ප්‍රනාන්දුය.

අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ල ලෙස දුවද්දී දැවී ගියේය.  ඒ වනවිට ඔහු ලබා සිටියේ ලකුණු 11කි. කෙටි ලකුණක් කරා දිව යද්දී ඇන්රිච් නොට්ජේ විසින් කෙළින්ම පන්දුව කඩුල්ලට එල්ල කළේය.  ලකුණු 34 දී ශ්‍රී ලංකා කණඩායමේ මුල් කඩුල්ල දැවී ගියේය.

අනතුරුව පිටිය පැමිණි භානුක රාජපක්ෂ තරගාවලියේ  මු එක්දින තරගවලදී සිදුවූ ආකාරයටම අසාර්ථක විය. ඔහු කේෂේව් මහරාජ්ගේ පළමු පන්දුවෙන්ම කඩුල්ල මුවා කිරීමේ වරදට ගොදුරුව දැවී ගියේය.

චරිත් අසලංක පිතිකරණයේ කිසිම ස්ථාවර බවක් පෙන්නුවේ නැත. ඔහු පන්දු 16ක දී ලබා ගත්තේ ලකුණු 6ක් පමණි. අවසානයේ ඩ්වයින් ප්‍රෙටෝරියස් අතට උඩ පන්දුවක් දී දැවී ගියේය.

අනතුරුව දිනේෂ් චන්දිමාල්ට එක් වුනේ දසුන් ශානකය.  දසුන් ශානක ලකුනු 16කට දැවී ගියේය. ඔහු පන්දු 14ක දී ලකුණු 16 රැස් කළේය.     බ්ජොන් ෆෝටුන් දසුන් ශානකගේ කඩුල්ල දවා ගත්තේය.  වනිඳු හසරංග ලකුණු නොලබා දැවී ගියේය.  ධනංජය ද සිල්වා  ලබා ගත්තේ එක් ලකුණක් පමණි.

පෙරහර යන්නා සේ කඩුළු එකින් එක බිඳ වැටෙන විට ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් එක් අන්තයක් ආරක්ෂා කරගන සිටියේය.  ඔහු පන්දු 54ක දී ලකුණු 66ක් ලබා ගත්තේය. ඔහුගේ වෑයම නිශ්ප්‍රයෝජන වූයේ චාමික කරුණාරත්න හැර   එකම එක පිතිකරුවෙක් හෝ ඔහු සමග ස්ථාවර සම්බන්ධයක් ගොඩ නගා නොගත් බැවිනි.

චාමික කරුණාරත්න පන්දු 14ක දී ලකුණු 22 ලබා ගත්තේය.

දකුණු අප්‍රිකානුවෝ  සමස්ථයක් ලෙස විශිෂ්ට පන්දු යැවීමක් කළහ. බ්ජොන් ෆෝටුන් පන්දු ඕවර 4 යවා ලකුනු 24කට කඩුල්ලක් දවා ගත්තේය.  එන්රිච් නොට්ජේ පන්දු ඕවර 4 යවා ලකුණු 29කට කඩුල්ලක් දවා ගත්තේය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කෂේව් මහරාජ් පන්දු  ඕවර 4 තුළදී ලබා දුන්නේ ලකුණු 19ක් පමණි. ඔහු එක් කඩුල්ලක් දවා ගත්තේය. ටබ්‍රයිස් ෂම්සි, ඩ්වයින්  ප්‍රෙටොරියස්  පන්දු ඕවර තුනක් යවා ලකුණු 21කට කඩල්ලක් දවා ගත්තේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒඩ්න් මැක්‍රම් තරගයේ වීරයා විය.

Exit mobile version