පකිස්ථානයෙන් පෙරළිකාර ගමනක ලකුණු!

ලෝක කුසලාන තරගාවලියේ සුපිරි වටයේ දී අනපේක්ෂිත පෙරළියක් කිරීමට පකිස්තාන කණ්ඩායම සැරසෙන ලකුණු පහළ වී ඇත.

තමන් මුහුණ දුන් මුල් තරගයේ දීම විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ වාර්තාවක් තබමින් කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගත් පකිස්තානු කණ්ඩායම ඊයේ (26) සිය දෙවැනි තරගයේ දී නවසීලන්තය පරදවා කඩුලු 05ක ජයක් වාර්තා කළේය.

තරගයේ මුලින්ම  පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 08 ක් දැවී ලකුණු 134 ක් රැස් කළහ. ඩැරිල් මිචෙල් සහ ඩොවොන් කොන්වේ ලකුණු 27 බැගින් එක් කළහ.


පකිස්ථානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ  හාරිස් රාවුෆ් ලකුණු 22 කට කඩුලු 04 ක් දවා ගත්තේය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමට පහසුවෙන් එම ඉලක්කය කරා ළඟාවීමට නවසීලන්ත පන්දුයවන්නන් ඉඩ දුන්නේ නැත.

පාකිස්තාන කණ්ඩායම ලකුණු 135 ක ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ තරගයේ 19 වන පන්දුවාරයේ සිව්වන පන්දුවේදී ය. ඒ වන විට පාකිස්තාන කණ්ඩායමේ කඩුලු 05 ක් බිදවැටී තිබිණි.

ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් ලකුණු 33 ක් සහ අසිෆ් අලී ලකුණු 27 රැස් කළහ.

විශිෂ්ට පන්දු යැවීමක කළ හාරිස් රාවුෆ් තරගයේ වීරයා ලෙස නම් කෙරිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ජයග්‍රණයත් සමඟ දෙවන කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්වීමට පාකිස්තානය සමත් වූයේය.  ඇෆ්ගනිස්තානය  ම ලකුණු සටහනේ දෙවන තැනය. තමන් සහභාගී වූ පළමු තරගයෙන් පරාජයට පත්ව සිටින නවසීලන්තය සහ ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙලින් තුන්වන සහ හතරවන ස්ථානවලට පත් වී සිටිති.

Exit mobile version