ධනංජයේ කඩුළු ත්‍රිත්වයට පොලාඩ් හයේ පහර 6කින් පිළිතුරු දෙයි..

පළමු විස්සයි 20 තරගයේ දී ශ්‍රී ලංකාවට කඩුළු 4ක පරාජයක්...

කඩුළු ත්‍රිත්වයක් ලබාගෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට තර්ජනයක් එල්ල කරමින් තරගය ආරම්භ කළ ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට හයේ පහර හයකින් ඊලඟ පන්දු ඕවරයක දී පිළිතුර දීමට බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු කිරන් පොලාඩ්  කටයුතු කළේය.

මේ අනපේක්ෂිත ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු විස්සයි 20 තරගය කඩුලු 4කින් පරාජය වුනේ පන්දු ඕවර 7ක් ඉතිරිව තිබිය දීය. අන්තර්ජාතික ක්‍රිකට් තරගයක දී හයේ පහර 6ක් එල්ල කළ තුන්වන ක්‍රීඩකයා බවට කිරන් පොලාඩ් පත්වුනේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදී පන්දුවාර 20 අවසානයේදි කඩුලු 9කට ලකුණු 131ක් ලබා ගත්තේය.  පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කොදෙව් පිල පන්දුවාර 13.1 ලකුණු 132 ක්  ලබාගෙන පහසුවෙන් ඉලක්කය පසු කර ගියේය.  තරගය නරඹන්නට විවෘතව නොතිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ධනංජය සිය කඩුළු ත්‍රිත්වයට ගොදුර කරගත්තේ එවින් ලුවිස්, ක්‍රිස් ගේල් සහ නිකලස් පූරන්ය.

 

 

Exit mobile version