දෙවන එක්දින තරගය දකුණු අප්‍රිකානුවෝ ලකුණු 67කින් දිනති…

දකුණු අප්‍රිකානුවො ලකුණු 67ක විශිෂ්ට ජයගහ්‍රණයක් සමග තරගාවලිය සම කළහ. කණ්ඩායමේ නායක ටොම්බා බවුමා නැති දකුණු අප්‍රිකාව කදිම ප්‍රති උත්තරයක් සමග ඊයේ  යළි තරගාවලියට අවතීර්ණ වූහ.

තරගයේ ජය තීරණය වූයේ ඩක්වර්ත් ලුවිස් න්‍යායයට අනුවය.

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර  පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී  ඊයේ පැවත්  වුණේය.


මෙම තරගයට වාර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එක් ඉනිමක් පන්දුවාර 47 කට මුලදීම සීමා විය.

තරගයේ කාසියේ වාසය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.  අනුව ඔවුන්   47කදී කඩුළු 06ක්  දැවී ලකුණු 283ක් ලබා ගත්හ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් විකල් කළ ජේ මාලන් නොදැවී ලකුණු 121ක් රැස් කළේය.  රීසා හෙන්ඩ්රික්ස් ලකුණු 51ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ  සිය පළමු පන්දු යැවීමේ වාරයේ දීම ඉවත් කිරීමට කගිසෝ රබාඩ සමත් විය.

චරිත් අසලංක විශ්වාසනීය පිති හරඹය නිතර විය. ඔහු හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමග පන්දු 66ක දී ලකුණු 77ක් ලබා ගත්තේය.

දෙවන වරටත් වර්ෂාව ඇදහැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය ඕවර 41කට ලකුණු  265ක් විය.

ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට අවසන් ඕවර 9 දී ලකුණු 100ක් අවශ්‍ය වූයේය. ඉතිරිව තිබුනේ කඩුළු 03ක් පමණි.  ඒ අභියෝගයත් අත් නොහළ චාමික කරුණාරත්න පන්දු 23ක් ලකුණු 36ක් ලබා ගත්තේය.

තරගයේ පූර්ණ ගෞරවය දකුණු අප්‍රිකානුවන්ට හිමි විය. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ඉලක්කය ගිලිහී තිබිණි.

පිටියේ පන්දු රැකීම ද පෙර තරගයේ තරම් ප්‍රශස්ථ නොවීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අවසානයේ ලකුණු 67ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ.

Exit mobile version