කෘෘනාල් පාණ්ඩ්‍යට කොවිඩ්… අදට නියමිත ඉන්දියා – ශ්‍රී ලංකා 2වන 20යි විස්ස නවතී…

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාණ්ඩ්‍යා අද උදෑසන කරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණකයකින් කොවිඩ් ආසාදිත බව බව තහවුරු වී තිබේ. ඔහු කොවිඩ් ආසාදත බව තහවුරු වී ඇත්තේ තරගයට පෙර කරන කරන පූර්ව කොවිඩ් පරීක්ෂාවේ දී ය.

මේ වනවිට පාණ්ඩ්‍යාගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස ක්‍රීඩකයින් අට දෙනෙකු හුදෙකලා හුදකලා කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එමෙන්ම කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන් පිලිබඳව ද දැඩි අවධානයකින් පසුවන බව වෛද්‍ය අංශ තහවුරු කරයි.

මේ සමගම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (27) පැවැත්වීමට නියමිතව තිබූ දෙවන විස්සයි 20 තරගය එක් දිනකින් කල් දැමීමට සිදු වූ බවත් එය හෙට (28) පැවැත්වෙනු ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනනය කියයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති පළමු තරගයේදී ලකුණු 38 ක ජයක් වාර්තා කරමින් ඉන්දියාව මේ වන විට තරග තුනකින් සමන්විත තරගාවලිය 1-0 ලෙස ඉදිරියෙන් සිටී.

 

Exit mobile version