කැගල්ල දිස්ත්‍රික් 13න් පහළ බැට්මින්ටන් සංචිතයට ක්‍රීඩික ක්‍රීඩිකාවන් 40 දෙනෙකු තෝරා ගැනේ

කැගල්ල දිස්ත්‍රික් 13න් පහළ බැට්මින්ටන් සංචිතයට ක්‍රීඩික ක්‍රීඩිකාවන් 40 දෙනෙකු තෝරා ගැනේ

මෙරට බැට්මින්ටන් ක්‍රීඩාව දීප ව්‍යාප්ත කරමින් දෙස් විදෙස් තරග බිමට නව යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා බැට්මින්ටන් ආයතනය විසින් ආරම්භ කරනු ලැබූ සියලු දිස්ත්‍රික්ක සඳහා අවුරුදු 13 න් පහළ සංචිත ගොඩනැගීමේ වැඩසටහන යටතේ කැගල්ල දිස්ත්‍රික් සංචිතය තෝරාගැනීම 2023 මැයි 16 කැගලු බාලිකා විදුහල් බැට්මින්ටන් ක්‍රීඩාගාරයේ දී සිදුකෙරිණි. අවුරුදු 13න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 20 බැගින් හතලිස් දෙනකුගෙන් සමන්විත සංචිතයක් මෙහිදී තෝරා ගනු ලැබීය.

ශ්‍රී ලංකා බැට්මින්ටන් ආයතනයේ කලාපීය සංවර්ධන කමිටුවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැගල්ල දිස්ත්‍රික් අවුරුදු 13 න් පහළ සංචිතය තෝරා ගැනීමේ වැඩසටහනට බැට්මින්ටන් ආයතනය සහ කැගලු දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමයේ නිලධාරිහු ද සහභාගි වූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වැඩසටහන යටතේ 13න් පහළ ක්‍රීඩික ක්‍රීඩිකාවන් දහසක් බිහි කරලීමට සැලසුම් කර ඇතැයි ද මේ වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 702 ආසන්න සංඛ්‍යාවක් දිස්ත්‍රික් 16 යටතේ සංචිත ගත කර අවසන් බව ද මේ අවස්ථාවට සහභාගි වූ කලාපීය සංවර්ධන කමිටුවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. සංචිත ගත කරන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් සලසා දෙමින් වසර දෙකක කාලයක් එම සංචිතයේ රඳවා පුහුණු කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ඒඅනුව වසර 2030 වනවිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරය ජයගැනීමට හැකියාව ඇති ක්‍රීඩික ක්‍රීඩිකාවන් පිරිසක් බිහි කිරීම එකම අභිප්‍රාය බව ද ඔහු සඳහන් කළේය.


Exit mobile version