කළුතර දිස්ත්‍රික් 13න් පහළ බැට්මින්ටන් සංචිතයට ක්‍රීඩික ක්‍රීඩිකාවන් 30 තෝරා ගැනේ!

මෙරට බැට්මින්ටන් ක්‍රීඩාව දීප ව්‍යාප්ත කරමින් දෙස් විදෙස් තරග බිමට නව යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා බැට්මින්ටන් ආයතනය විසින් ආරම්භ කරනු ලැබූ සියලු දිස්ත්‍රික්ක සඳහා අවුරුදු 13 න් පහළ සංචිත ගොඩනැගීමේ වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික් සංචිතය තෝරාගැනීම 2023 මැයි 14, පානදුර ක්‍රිස්ටල් බැට්මින්ටන් ක්‍රීඩාගාරයේ දී සිදුකෙරිණි.

අවුරුදු 13න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 15 බැගින් තිස් දෙනකුගෙන් සමන්විත සංචිතයක් මෙහිදී තෝරා ගනු ලැබීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා බැට්මින්ටන් ආයතනයේ කලාපීය සංවර්ධන කමිටුවේ සභාපති රොෂාන් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැති කළුතර දිස්ත්‍රික් අවුරුදු 13 න් පහළ සංචිතය තෝරා ගැනීමේ වැඩසටහනට බැට්මින්ටන් ආයතනය සහ බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ නිලධාරිහු ද සහභාගි වූහ

 

Exit mobile version