එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

ශ්‍රී  ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ක්‍රීඩා විලාශය සම්බන්ධව එංගලන්ත තරගාවලිය අවසන් වූ සැණින් දැඩි තීන්දු තීරණ ගැනීමට තමා බලාපොරොත්තුවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ   සඳහන් කර සිටියි. ක්‍රිකට් ක්‍රීඩකයන් තරග අතරතුරදී කාඩ් ගැසීම වැනි දෑ සම්බන්ධව ද පසුගිය දින කිහිපයේ දි විවේචනයට බඳුන් විය.

“ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය සම්බන්ධයෙන් අපි සෑහීමකට පත්වෙන්නෙ නැහැ.  ඒ ගැන මම ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුවත් කළා. එංගලන්ත තරගාවලිය යන අතරතුරදි ඒ ගැන තීන්දු තීරණ ගන්න මම කැමැති නැහැ. ඒක ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට හොඳ නැහැ. ”

ඒ අනූව එංගලන්ත තරගාවලියෙන් පසුව ක්‍රිකට් තේරීම් කමිටුව සහ පුහුණුකරුවන් සම්බන්ධවත් තීරණ ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයාට සිදුවනු ඇත. ක්‍රිකට් කළමණාකරු සහ තේරිම් කමිටු සභාපති අසන්ත ද මැල් ලොව වැඩි වසර ගණනාවක් ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් කටයුතු කර ඇත්තෙකි. ඔහු අවස්ථා කිහිපයකදීම ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් 2000 දශකයේ සිට පත්ව තිබේ. මාවන් අතපත්තු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව අසන්ත ද මැල්ව විවේචනය කරමින් ඔහුගේ තේරීම් ක්‍රමවේදය සම්බන්ධව දෝෂාරෝපණය කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් වත්මන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරුද ඔහුය. ඔහු සිටින ක්‍රීඩාගාරයේ ක්‍රීඩකයන් තරගය යන අතරතුරදී කාඩ් කුට්ටම් වලින් ‘ඕමී’ බැලීම මළගෙදරට නිදි මරනවා වැනි වැඩක් යැයි ක්‍රිකට් රසිකයෝ කියති. නමුත් අසන්ත ද මැල් යනු වත්මන් අග්‍රාමාත්‍යවරයාගේ බිරියගේ ඥාතිවරයකු බැවින් අදාළ තනතුරුවලින් ඉවත් කරයිද යන්නත් ක්‍ෂේත්‍රයේ කතා බහට ලක්ව තිබේ.

Exit mobile version