එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් තනියෙන් වැඩ…

සාප්පු සවාරි තහනම්... සංචිතයට තිස් දෙනෙක් නම් කරලා

Englend cricket

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාව නවතා දැමිය නොහැකි බැවින් එංගලන්ත ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ ජාතික සංචිතයේ සිටින ක්‍රීඩකයන් තිස්දෙනාටම තනි තනිව පුහුණුව ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. තවත් සති කිහිපයක් යන තුරු එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩා කළ නොහැකි වුවද ක්‍රීඩකයන්ව පුහුණු කිරීම අත්‍යඅවශ්‍ය බැවින් ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාර අධ්‍යක්ෂ ඈෂ්ලි ගයිල්ස් පැවසුවේ, “ක්‍රීඩකයින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණීමට පෙර පුහුණුවන පළමු පියවර මේක. මෙම ප්‍රොටොකෝලය පුරාම ක්‍රීඩකයන්ගේ කාර්ය මණ්ඩලයේ සහ අපගේ ආරක්ෂාව පළමු ප්‍රමුඛතාවයයි. කොරෝනා වසංගතය නිසා මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ රජයේ නියෝග පිළිපැදීමට අපි කැපවී සිටිමු.” යනුවෙනි.
ඉදිරියේදී එංගලන්තයට ක්‍රිකට් ක්‍රීඩා කළ හැකි බවත් එය ප්‍රේක්ෂකයන් නොමැතිව සිදුකළ හැකි බවත් ගයිල්ස් වැඩිදුරටත් පවසයි. “පැහැදිලිවම කිවහොත් අපිට සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රිකට් පුහුණුව කළ හැකිවා  වගේම දොරවල් වසා දමා ක්‍රීඩා කරන්නත් පුළුවන්. එය කරන්නේ අතිශය ආරක්ෂිතවයි.  ඒකට රජයේ සහයෝගය තියෙන බව අප දන්නවා.  මේ කාලයේදී අපට ලබාගත හැකි පහසුකම් මොනවාද යන්න තීරණය කිරීම සඳහා අපි ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ ප්‍රාන්ත සමග නිරන්තර සංවාදයක යෙදී ඉන්නවා. ක්‍රීඩකයින් සුරක්ෂිත සහ අරක්ෂිත පරිසරයක පුහුණුවීම් සහ ක්‍රීඩා කරවීමට අපි සුදානම්.”
එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සංචිතයක් නම් නොකර තිබීම හේතුවෙන් ක්‍රීඩකයන් 30 දෙනාම තනි තනිව පුහුණු වන අතර ඔවුන්ට සාප්පු සවාරි යෑමද තහනම් වේ. එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩයන් පවසන්නේ රජය සහ ක්‍රිකට් ආයතනය දෙන ඕනෑම උපදෙසක් අනුව ක්‍රීඩාවට සම්බන්ධ වීමට සියලු දෙනාම කැමැත්තෙන් පසුවන බවයි.

Exit mobile version