ඉන්දියානු සහ බංගලි තරග ප්‍රේක්ෂකයන්ට තහනම් කළ ක්‍රීඩාංගනවල

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලබන මස අගදී සහ ජූලි මාස වලදී පැවැත්වීමට නියමිත ඉන්දියානු සහ බංගලාදේශ සංචාර ප්‍රේක්ෂකයන් රහිත ක්‍රීඩාංගන වලදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානය යොමු කර ඇත. ටිකට් අලෙවි කර ලබන මුදල රූපවාහිනී විකාශන අයිතිය ලබා ගැනීමෙන් උපයා ගත හැකි බව අප කළ විමසීමක දී ක්‍රිකට් ආයතනය පැවැසීය.
තරගාවලි සඳහා පැමිණෙන සෑම විදෙස්  කණ්ඩායමක්ම දින 14 ක් නිරෝධානයට ලක් කර  තරගාවලියට සහභාගි කරවීමට නියමිත ව තබේ.  ඒ වෙනුවෙන්  හෝටල් සහ සියලු පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් එකඟතාවකට පත්ව ඇත.  අයි.සී.සී.යද සියලුම ජාත්‍යන්තර කණ්ඩායම් සංචාරය කිරීමේදී ඒ ඒ රටවල නීති සහ අයි.සී.සී. නීති අනුගමනය කළ යුතු බව සියලුම සාමාජික සංගම්වෙත දන්වා තිබේ.
ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ලබන ජුනි මස අගදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර එම තරගාවලියේදී ඔවුන් එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරග දෙකකට සහභාගි වීමට නියමිතය.
නමුත් ඉන්දියාවේ මේ දිනවල කොරෝනා වසංගතය ඔඩු දුවමින් පවතින බැවින් තවමත් ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධ තීන්දුව දෙපසට දෝලනය වෙමින් තිබේ. යම් හෙයකින් ඉන්දියානු ක්‍රිකට් ආයතනයට ගුවන් ගමන් ප්‍රශ්නයක් නොතිබුණහොත් ඔවුන් අයි.සී.සී.යේ උපදෙස් සහ ශ්‍රී ලංකා රජයේ මෙන්ම ඉන්දියානු රජයේ උපදෙස් මාලාවන්ට එකඟව ශ්‍රී ලංකා සංචාරයට සහභාගි වන බව සඳහන් කර තිබේ.
මේ අතර බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායම ජුලි මසදී ටෙස්ට් තරග තුනක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබිණි. එහෙත්   බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා පවසන්නේ යළිත් ක්‍රිකට් කවදා පටන් ගනීවිද යන්න තමාට ස්ථිරවම කිව නොහැකි බැවින් ශ්‍රී  ලංකා සංචාරය ගැනද ස්ථිර එකඟතාවක් පල කළ නොහැකි බවය.
මෙම තරග පැවැත්වුණ හොත් හුදකලා ක්‍රීඩාංගනය ක්‍රිකට් ගැසීමේ අත්දැකිම කුමක් විය හැකි දැයි ක්‍රීඩකයන්ම අපට තේරුම් කර දෙනු ඇත.

Exit mobile version