ඉදිරි ලෝක කුසලාන තරගාවලි 03ක අයි.සී.සී. සැලසුම් සාකච්ඡාවට

එළැඹෙන 2021 සහ 2022 වසරේදී ලෝක කුසලාන තරගාවලි  තුනක් පැවැත්වීම සම්බන්ධයෙන් අයි.සී.සී යේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි.

මෙම ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස පිරිමි ලෝක කුසලානය   2021 ඔක්තෝම්බර් දක්වා කල් දැමීමෙන් පසු එම තරගාවලි පැවැත්වීම  සම්බන්ධව සාකච්ඡා කිරීම අදාළ හමුවේ ප්‍රධාන තේමාව විය.

මීට අමතරව 2022 වසරේදී නොවැම්බර් මාසයේදී තවත් විස්සයි විස්ස ලෝක කුසලානක් පැවැත්වීමට අයි.සී.සී.යට සිදුව ඇත. එය ඉන්දියාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඉන් පසුව යළිත් වරක් 2023 මාර්තු අප්‍රේල් මාසවල දී පන්දුවාර පනහ ලෝක කුසලානය ඉන්දියාවේදී  පැවත්වීමට සැලසුම් කර තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වසරේදී ඔස්ට්‍රෙලියාවේ සත්කාරකත්වයෙන් විස්සයි විස්ස ලෝක කුසලාන පැවැත්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් එරට ක්‍රිකට් සභාපති අර්ල් ඒන්ග්ස් සිය කණගාටුව පළ කරමින් අයි.සී.සී.ය වෙත ලිපියක් යොමුකර තිබේ. එහිදී 2021 ලෝක කුසලාන ඉන්දියාවේ හෝ ඔස්ට්‍රෙලියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීම සම්බන්ධයෙන්ද ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් සභාපතිවරයා යෝජනාවක් ඉදිිරිපත් කර ඇත.

Exit mobile version