අයි.සී.සී. අලුත් උපදෙස් පිට දුරින් ඉඳන් ක්‍රිකට් ගහන හැටි

දැඩි සෞඛ්‍ය ආරක්ෂක නීති රීති සහ සමාජ දුරස්ථ භාවය රැකෙන පරිදි කෝරෝනා වංගතයෙන් නැවතී ඇති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට පණ පෙවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නව නීති රීති පද්ධතියක් සකස් කර තිබේ. ඒ අනූව ඉදිරියේදී යළිත් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමේදී එම නීති රීතිවලට අනූව සියල්ල සිදුවිය යුතු බවට අයි.සී.සී.ය සාමාජික රටවලට දැනුම් දී ඇත.

අයි.සී.සී.යේ වෛද්‍ය මණ්ඩලයක් විසින් සකස් කර ඇති මෙම නීති රීති සංග්‍රහය ක්‍රීඩකයන් ගේ පුහුණුකරුවන්ගේ, විනිසුරුවන් ඇතුළු කාර්යය මණ්ඩලයේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්ම සකස්කර තිබේ. එම නීති රිති අනුව පළමුව පුහුණුව අරඹා දෙවනුව තරගවලට යා යුතු බව අයි.සී.සී.ය අවධාරණය කරයි.

නිරෝධායන නීති


ඕනෑම  කණ්ඩායමක් නැවත පුහුණුව අරඹන විට අදාළ රජයන් විසින් ලබාදී ඇති සියලුම මාර්ගෝපදේශවලට යටත් අයි.සී.සී.යේ නීති රීති පිළිපැඳිය යුතුවේ. එහිදී  සියලුම මාර්ගෝපදේශ අනුගමනය කිරීම නිරීක්ෂණය සඳහා වෛද්‍යවරයකු හෝ වෛ ආරක්ෂණ නිලධාරියකු සිටීම අනිවාර්ය වේ.

දින 14 ක් නිරෝධායනයකට යටත් සියලුම රටවල් තරගවලට සංචාරය කළ යුතුවේ. ඒ සියලුම ක්‍රීඩකයන්, පුහුණුකරුවන් ඇතුළු කළමණාකාරීත්වය පී.සී.ආර් පරීක්‍ෂණවලට භාජනය විය යුතුය. අදාළ කණ්ඩායම් නවාතැන් ගැනීමේදී ද සැලකිය යුතු කරුණු සම්බන්ධව අයි.සී.සී.ය දැනුවත් කර තිබේ.

මීට අමතරව ක්‍රීඩකයන් මීටර් 1.5 ක දුරකින් සිටීම හෝ අදාළ රටේ නීතිය අනූව කටයුතු කිරීම අනිවාර්යය වේ. එමෙන්ම ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් ආම්පන්න පෞද්ගලිකව තබා ගත යුතු සුරක්ෂිත භාවය සම්බන්ධයෙන්ද අයි.සී.සී.ය රටවල් දැනුවත් කර තිබේ. පුහුණුවීම්වලින් හෝ ඉන් පසුව ක්‍රීඩා පිටිවල තිබෙන පොදු ස්ථාන සහ වැසිකිළි භාවිතය හැකිතාක් අවම කරන ලෙස ද උපදෙස් දී තිබේ.

ක්‍රිකට් පිටිය තුළ සෞඛ්‍ය උපදෙස්

ක්‍රිකට් පන්දුව සම්බන්ධයෙන්ද නව නීතියක් හඳුන්වා දී ඇති අතර එහිදී පන්දුව සමග සම්බන්ධ වන විට සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කිරීම, ක්‍රීඩකයන්ට පන්දුව සමග සම්බන්ධතා පැවැත්වීමෙන් පසුව ඔවුන්ගේ ඇස්, නාසය සහ මුඛ්‍ය ස්පර්ශ නොකිරීම, පන්දුව හැසිරවීමේදී අත්වැසුම් පැලඳීම ගැන සලකා බැලිම, පන්දුව ඔප දැමීමට ඛේටය භාවිතා නොකිරීම වැනි කරුණු කාරණා පුහුණුවීම්වලටද අදාළව ඇත.

වෙනදා මෙන් ක්‍රීඩකයන්ගේ හිස්වැසුම් හෝ වෙනත් කිසිම දෙයක් විනිසුරුට හෝ සහෝදර ක්‍රීඩකයකු ලබාදීය නොහැකි අතර එය තමා සතුව හෝ හතරේ සීමාවෙන් එපිට ආරක්ෂිත ස්ථානයක තිබිය යුතුය. මීට අමතරව ගුවන් යානයේදී ද සමාජ දුරස්ථක භාවය ඇතිකරගන්නා පරිදි ගුවන් ගමන් සිදුකළ යුතුවේ. මේ අතර පුහුණුව ආරම්භ කිරීමට පෙර තනි තනිව කළ හැකි පුහුණුවීම් ඒ ආකාරයෙන් සිදුකළ යුතු අතර  සමාජ දුරස්ථ භාවය ඇති වන පරිදි කිහිප දෙනකු පමණක් එක් පුහුණු සැසියකට සහභාගි විය යුතුව තිබේ. ඒ අනූව පුහුණුකරුවන් ඇතුළුව දහදෙනකු අඩු සංඛ්‍යාවක් පුහුණුවීම්වල නිරත විය යුතු වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාස කිහිපයකට පසුව යළිත් පුහුණුව ආරම්භ කිරීමේදී ක්‍රීඩකයන් ආබාධලට ලක්වීමට ඇති ඉඩ කඩ අවම කිරීම වෙනුවෙන් සති කිහපයක පුහුණුවකින් පසුව තරගවලට සහභාගි කළ යුතුව ඇත. ක්‍රීඩාංගණය තුළ සිදුකරන ඒකරාශි වීම්,  සාකච්ඡා, මෙන්ම දුර්වල ප්‍රතිශක්තිය, දියවැඩියාව, හෘද රෝග ඇති ක්‍රීඩකයන් හෝ පුහුණුකරුවන් සිටීනම් ඔවුන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ද අයි.සී.සී. මාර්ගෝපදේශනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Exit mobile version