අයාලේ ගිය ක්‍රීඩක තුන්කට්ටුවේ විමර්ශනයට පංච පුද්ගල කමිටුවක් පත් කෙරේ….

kusal-dikwella-

එංගලන්තයේ සංචාරය කරමින් සිටියදී කණ්ඩායම් ජෛව බුබුල කඩාගෙන අයාලේ ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන අයගේ විෂමාචාර ක්‍රියා පිළිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් පත් කර තිබේ.

මෙම කමිටුවට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද, අසේල රැකව, උචිත වික්‍රමසිංහ සහ විශ්‍රාමික මේජර් ජනරාල් එම්.ආර්.ඩබ්ලියු ද සොයිසා ඇතුළත් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පරීක්ෂණ අවසන් වනතෙක් මෙම ක්‍රීඩකයන් තිදෙනා පූර්ණ ක්‍රිකට් තහනමකට ලක් කර තිබේ.


Exit mobile version