දිනසේන රතුගමගේ –
යාපනයේ කෝපායි ප්‍රදේශයේ පහළොස් හැවිරිදි සිසුවෙකු මත්ද්‍රව්‍ය අධික ප්‍රමාණයක් ශරීරගත වීම හේතුවෙන් ඊයේ ( 29 ) දා මියගොස් තිබේ.
මෙම සිසුවා දෙමව්පියන්ට හොරෙන් කාලයක්ම මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වූවෙකු බව මූලික පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.
මිතුරන් පිරිසක් සමග මෙම සිසුවා මත්ද්‍රව්‍ය පානය කිරිමෙන් පසුව ඔහු සිහිසුන්ව ඇද වැටී ඇති අතර වෙනත් පිරිසක් විසින් ඔහුව යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත්තේ උණ රෝගියෙකු වශයෙනි.
ප්‍රතිකාර ලබමින් සිටියදී සිසුවා මියගොස් ඇති අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් යාපනය ශීක්ෂණ රෝහලේදි සිදු කළ පරික්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ එම සිසුවා මියගොස් අත්තේ අධි මාත්‍රාවකින් යුත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ශරීරගත වීම නිසා බව හෙළි වී ඇත.
යාපනය කෝපායි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







