මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී තව ස්වල්ප වේලාවකින් ආරම්භ වීමට නියමිත සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේත් කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම මීට ස්වල්ප වෙලාවකට පෙර සමත් වූයේය.
ඇෆ්ගනිස්ථානුවන් පළමුව පන්දුවට පහරදීම තෝරාගෙන ඇත. තරග තුනකින් සමන්විත මෙම එක් දින තරගාවලියේ අද ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය වී තිබේ. ඒ තරගාවලි පරාජයේ අවමානයෙන් ගැලවිම සඳහාය.
පළමු එක් දින තරගයේ දී ලකුණු 60ක විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගැනීමට ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම සමත් වූයේය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 50 ක්‍රීඩා කළේ නැත. සියල්ලෝ පන්දු ඕවර 38කට දැවී ගියහ.
මේ වනවිට 1-0 ලෙසින් ඇෆ්ගනිස්ථානය තරගාවලියේ ඉදිරියෙන් සිටී.







