21 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වී මාසයකට අධික කාලයක් ගත වුව ද මෙතෙක් ස්වාධීන කොමිෂන් සභාව සඳහා සාමාජිකයින් පත්කිරීම සිදු වී නැත්තේ එම පත්කිරීම්වලට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත්කළ යුතු නිසා බව කථානායක කාර්යාලය පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන සාමාජිකයින් දෙදෙනෙකු පත් කිරීමේ අයදුම්පත්‍ර කැඳවීම මෙම දිනවල සිදුකරන අතර එම කටයුතු ලබන දෙසැම්බර් මස 8 වනදායින් අවසන් වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ෙඑම සාමාජිකයින් දෙදෙනා තෝරා ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත් කිරීමෙන් අනතුරුව ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීම සිදුකෙරෙන බව ද කතානායක කාර්යාලය සඳහන් කර ඇත.
මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණ කොමිෂන් සභාව සඳහා සාමාජිකයින් පත්කිරීම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව සිදුකළ යුතුය.
දෙරණ –







