දිඹුලාගල අරලගංවිල කන්දේගම ගෙවත්තකට ඇද තිබු විදුලි රැහනක පටලවා වන අලියෙක් මරා දමා ඌ කැබලි කර ගෙවත්තේ වල දැමූ වනජීවී අපරාධකරු වනජීවී නිලධාරීන්ට භාර වී තිබේ.
ඔහු භාර වූයේ මිය ගිය අලියා කොටස් කර වල දැමීමට යොදා ගත් තියුණු ආයුධ හා උපකරණ ද සමග බව පොලොන්නරුව වනජීවි කාර්යාලය කියයි.

මෙම සැකකරු අරලගංවිල කන්දේගම පදිංචි තිස් පස් වියැති අයෙකු බව පවසන පොලොන්නරුව වනජීවී කාර්යාල නිලධාරීන් සඳහන් කළේ ඔහු අද දින පොලොන්නරුව මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපත් කරන බවය.







