දැනට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල, සුරක්ෂිතාගාරයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 77දෙනා අතරින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී මෙරටින් පිටය ගොස් ඇත්තේ 12දෙනෙකු පමණක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.
මේ අතර සංචාරක වීසා මත ඕමානයට සහ ඩුබායි රාජ්‍යයට ශ්‍රමිකයින් යැවීමේ මාෆියාවක් ඇති බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඇතැම් නිලධාරීන් මෙම මාෆියාව පසුපස සිටින බවත් විදේශ රැකියා නියෝජිත ආයතන සංගමයේ ලේකම් මොහොමඩ් අර්ෂාඩ් මාධ්‍යයට හෙළි කළේය.