මුහුදුබඩ මාර්ගයේ කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය පාලමක් අබලන් වීම හේතුවෙන් මේ වන විට මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධාවක් මතු ඇත.
මෙසේ දුම්රිය මාර්ගයේ පිහිටි පාලම අබලන් වීම මත කොළඹ කොටුව හා වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර පිහිටි ද්විත්ව මාර්ගය තනි මාර්ගයක් ලෙස ධාවන කටයුතු සිදුවීමෙන් මුහුදුබඩ මාර්ගයේ මෙන්ම මුහුදුබඩ මාර්ගයේ සිට ප්රධාන මර්ගයේ සහ පුත්තලම් මාර්ගයේ ධාවනය වන දුම්රියන්ට ප්රමාද වීමේ හැකියාවක් ඇත.
මෙලෙස වැල්ලවත්ත හා කොළඹ කොටුව අතර පහළ මාර්ගය තාවකාලික වසා දැමීම නිසා මේ නිසා අද දින සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 10ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය විසින් කටයුතු කොට ඇත.
මාර්ගය යලි සකස් කිරීමට දින 05 කට ආසන්න කාලයක් ගතවන බව දෙපාර්තමේන්තුවේ අදාල මාර්ග අංශයන් දැනුවත් කර ඇති අතර ඒ දක්වා කාලය තුළ වැල්ලවත්ත හා කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර දුම්රිය ප්රමාද වීමක් සිදු වේ.








