ඉන්දියාව සහ සිංගප්පූරුව සිය අරමුදල් ඉතා වේගයෙන් සහ ආරක්ෂිතව හුවමාරු කරගැනීම සඳහා යූ.පී.අයි. සහ පේ නව් ගෙවීම් පද්ධති වලට අදාල තාක්ෂණික සුදානම් වීම අවසන් කර ඇති බවට නවතම දත්ත වාර්තා අනාවරණය කරයි.
ඒ් අනුව දෙරට අතර ඉතා පහසුවෙන් සහ ආරක්ෂිතව අඩු පිරිවැයකින් අරමුදල් හුවමාරු කරගැනීමට අවස්ථාව හිමිවෙනු ඇත.
මෙම අරමුදල් ගෙවීම් පද්ධිත වලට අදාලව පද්ධති ඒ්කාබද්ධ කිරීමට ඉන්දීය මධ්‍යම බැංකුව සහ සිංගප්පූරු මධ්‍යම බැංකුව ඒක්ව කටයුතු කිරීම ආරම්භ කර තිබේ. මෙලෙස දෙරටේම මධ්‍යම බැංකු ඒක්ව කටයුතු කිරීම මගින් අදාල ගෙවීම් පද්ධති කඩිනමින් භාවිතයට ගැනීමට අවස්ථාව හිමිවෙනු ඇති බවටද වාර්තාවේ.
මෙම නව ගෙවීම් පද්ධතිය සම්බන්ධයෙන් සිංගප්පූරුවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් පසුගියාද පැවති උත්සවයක් අතරතුරදී අදහස් දැක්වමින් ඒ් පිළිබඳ නිලවශයේ අනාවරණයක්ද් සිදුකරනු ලැබීය.
‟සිංගප්පූරුවට පේ නව් සහ යූ.පී.අයි ගෙවීම් පද්ධති ඒක්කීරීමට අවශ්‍යව තිබෙනවා. ඒම කටයුතු ඉදිරි මාස කිපයේදී සිදුවනු ඇත. මෙම පද්ධති ක්‍රියාත්මක වීමත් සමඟම සිංගප්පූරුවෙ සිටින ඔ්නෑම අයෙකුට ඉන්දියාවේ සිටින පවුලේ සාමාජිකයින්ට ඉතාම පහසුවෙන් මුදල් යැවීමට හැකියාව ලැබෙනු ඇත.” යනුවෙන් සිංගප්පූරුවේ ඉන්දීය මහ කොමසාරිස් පී කුමාරන් පවසා තිබිණි.
‟ඇත්තටම මෙම ක්‍රමය ඉතාම පහසු ක්‍රමවේදයක්. ඒමගින් ඉතා සුළු මුදලක් ඉන්දියාවට යනව අයෙකුටත් දැඩි අපහසුතාවයක් සිදුවන්නේ නැහැ. මන්ද මෙම මුදල් හුවමාරුව සඳහා අයකරන්නේ ඉතාම සුළු මුදලක් නිසා. ඒ් නිසාම මෙම ක්‍රමවේදය ඉතාම සාර්ථ වෙතැයි මම විශ්වාස කරනවා.” යනුවෙන්ද තානාපතිවරයා වැඩිදුරටත් අදහස් දැක්වීය.







