වික්‍රමාන්විත ජයග්‍රහණයක් යනු කුමක් දැයි කුමක් දැයි ඇසුවොත් එංගලන්තයේ මෙම ඉනිම පෙන්වා දිය හැකිය. ඉන්දියාව පරදවා එංගලන්තය කඩුළු 10කින් දිනුම්ය.
විස්සයි 20 ක්‍රිකට් තරග ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් අභියෝගයක් යැයි සිතූ ලකුණු 168ක ඉලක්කය එකම කඩුල්ලක් හෝ නොදැවී එංගලන්තය විසින් පසු කර ගියේ. ඒ පන්දු ඕවර 4ක් ඉතිරිව තිබිය දීය.

ඉන්දියානු පන්දු යවන්නන් විස්සයි 20 තරගයක දී මේ තරම් වෙහෙට පත් වූ අවස්ථාවක් එම තරග ඉතිහාසයේ මෙතෙක් තිබුණේ නැත. එංගලන්ත ආරම්භක පිතිකරුවන් යුවල වූ ඇලෙක්ස් හේල්ස් පන්දු 47ක දී නොදැවී ලකුනු 86කි.. ඊට හතරේ පහර 4කි. හයේ පහර 07කි. ප්‍රහාරක වේගය 182.97කි.

නායක ජොස් බට්ලර් පන්දු 49ක දී නොදැවි ලකුණු 80කි. හතරේ පහර 9කි. හයේ පහර 3කි. ප්‍රහාරක වේගය 163.26කි.
තරගයේ හොඳම ක්‍රීඩකයා ඇලෙක්ස් හේල්ස්ය.
කාසියේ වාසිය දිනූ එංගලන්තය ඉන්දියානුට පිතිකරණයට ආරාධනා කළේය. පන්දු ඕවර 20 අවසානයේ දී ඉන්දියානු කණ්ඩායම කඩුළු 06ක් දැවී ලකුණු 168ක් ලබා ගත්තේය. .
ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් විරාට් කෝලි මෙන්ම හර්දික් පාණ්ඩ්‍යා අර්ධ ශතක වර්තා කළහ. පාණ්ඩ්‍යාගේ අතිශයින්ම ප්‍රවේගකාරී තියුණු පිතිකරණයක නිරත විය.

හර්දික් පාණ්ඩ්‍යා පන්දු 33 ලකුණු 63ක් ලබාගෙන අවසන් පන්දුවේ දී දැවී ගියේය. ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 05ක් ඇතුළත් විය.
විරාට් කෝලි ලකුණු 50ක් ලැබුවේ පන්දු 40ක් තුළය. රෝහිත් ෂර්මා පන්දු 28ක දී ලකුණු 27ක් ලැබුවේය.
පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් ක්‍රිස් ජෝරදාන් ලකුණු 43කට කඩුළු 03ක් බිඳ හෙළුවේය. ක්‍රිස් වෝක්ස් පන්දු ඕවර 03ක් යවා ලකුණු 24ට කඩුල්ලක්, අඩිල් රෂීඩ් පන්දු ඕවර 04ක් යවා ලකුණු 20කට කඩුල්ලක් දවා ගත්තේය.
පකිස්ථානය සමග ලබන ඉරිදා විස්සයි 20 ලොක් කුසලානයේ අවසන් මහා තරගයට එංගලන්තය සටන් වදිනු ඇත.







