අනුරාධපුර යුගයට අයත් විශිෂ්ට ආරාම සංකීර්ණයක් වූ දිඹුලාගල හඳපාන්විල පුරවිද්‍යා රක්ෂිතයේ මීටර සීයක් වැඩි විශාල ඉඩක් මුළුමනින්ම ඩෝසර් කර මතුපිට පුරාවස්තු විනාශ කිරීමක් පිළිබඳ අද ( 08) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වාර්තා කර තිබේ.

මෙම පූජාභූමිය අතිශය වැදගත් වන්නේ අනුරාධපුර යුගයේ සිට සියවස් ගණනක් අඛණ්ඩ සංවර්ධනයක් පැවතීමත්, මහවැලි ගංගාව ඔස්සේ පැමිණ පුරාණ ඇල මාර්ග සහ වාපී පද්ධතිය ඔස්සේ රට අභ්‍යන්තරයට සිදුවූ නාවික ගමනාගමන පිළිබඳ සාධක හමුවීමත් නිසාය.

මෙහි කටාරම් කෙටූ පුරාණ ලෙණක රුවල් ඔරුවක සලකුණක් සහිත සෙල් ලිපියක් හමු වී තිබිණි.

මේ භූමියේ මූලික තහවුරු කිරීම් සිදු නොකර පැවති වසර දෙදහසකට ආසන්න කාලයක් පැරණි පෞරාණික ආරාමික නටබුන් මේ ආකාරයෙන් ඩොසර් කර විනාශ කර තිබේ.
මේ අපරාධය පසුපස විහාරවාසී හිමි නමද සිටින බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග හෙළි කරයි.








