තුෂාරී කළුබෝවිල –
වැසි තත්ත්වයේ වර්ධනයක් සිදු වීම හේතුවෙන් ප්‍රදේශ රැසකට පස්වරුවේ ධාරානිපාත වැසි ඇති වූ බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසා එහි වාං දොරටු 6ක් විවෘත කර ඇති අතර ඒ හේතුවෙන් අවට පහත් බිම් ජලයෙන් යටවිය.
මහනුවර දිස්ත්‍රික්කයේ වර්ෂාව අධික වීම හේතුවෙන් උඩු දුම්බර හා ගඟවට කෝරළය ප්‍රදේශවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයාම් රතු නිවේදන නිකුත් කර ඇති අතර මැද දුම්බර හා පාතදුම්බර ජනතාවට ද අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.
එසේ ම බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, හාලිඇළ, ලුනුගල ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ද කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, දෙහිඕවිට ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ද මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරළේ, උකුවෙළ, මාතලේ, රත්තොට ද මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල ද නායයාම් අවදානම් කලාප ලෙස අනතුරු අඟවා ඇත.
කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ තවදුරටත් දකුණ, බස්නාහිර, වයඹ, උව පළාත්වලටත්, පුත්තලම හා යාපනය දිස්ත්‍රික්කවලටත් තද වැසි ඇති වන බවයි.