ශ්‍රියානි විජේසිංහ –
-
හිඟා කමින් රෝහලක් දුවන්න බෑ… ඖෂධ ගෙන්වා ගන්න ආණ්ඩුවේ කිසිම වැඩපිළිවෙළක් නෑ… ඉදිරිය මහා ඛේදවාචකයක්… අද රැස් වූ ඖෂධ කමිටුවේ දී හෙළි වෙයි…
නිර්වින්ද ඖෂධ වර්ග කීපයක් නොවැම්බර් දෙසැම්බර් මාසවල කල් ඉකුත්වන බැවින් එම ඖෂධ ගෙන්වා ගැනීමේ කිසිදු හැකියාවක් මේ වන විටත් නෙමැති බව වාර්තා වේ.
මේ තත්ත්වය තුළ රිජ්වේ ආර්යා ළමා රෝහල, .තුළ සිදුකරන සැත්කම් නතර වීමේ අවදානමක් මතුවෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ කල් ඉකුත්වන නිර්වින්ද ඖෂධ ගෙන්වා දීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය සැපයුම් අංශයට හෝ නිච්ඡිත දිනයක් සඳහන් කළ නොහැකි බව බව ලංකාසර කළ විමසුමකදී ඒ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ වන විට රෝහල තුළ ඖෂධ වර්ග 170ට වැඩි ඖෂධ තොගයක් හිඟව පවතින නමුත් ඉන් ඖෂධ වර්ග 40ක් පමණ අත්‍යවශ්‍ය ඒ්වා බවත් එම ඖෂධ පවා ගෙන්වා දීමට වෛද්‍ය සැපයුම් අංශය ස්ථීර ලෙස එකග නොවී ඇති බවද සඳහන්වේ.
මේ අනුව ඉදිරියේදී සායනයන් වලින් නිකුත් කරන ඖෂධ සීමා කිරීම හෝ නතර කිරීමට සිදුවිය හැකි බව ද ඔහු පැවසුවේය.
කෙසේ නමුත් මේ වන විට ශල්‍යාගාරය තුළ සැත්කම් කිරීමට අවශ්‍ය රෙදි පවා නොමැති තත්ත්වයක් උදා වී ඇති බැවින් සැලසුම්කළ සැත්කම් මුළුමනින්ම නතර කර හදිසි සැත්කම් පමණක් කිරීමට ඉදීයේදී සිදුවිය හැකි බවද හෙතෙම අනතුරු අඟවා සිටියි.
අද රැස්වූ රෝහල් ඖෂධ කමිටුවේදී මෙම තොරකුරු අනාවරණය වී ඇත.
පරිත්‍යාගශීලීන්ගෙන් මෙතෙක් කාලයක් පරිත්‍යාග ලබා ගත් නමුත් තවදුරත් ඔවුන් මත යැපෙමින් ප්‍රතිකාර කටයුතු කරගෙන යාමට නොහැකි බැවින් මේ පිලිබදව ස්ථීර වැඩපිළිවෙලක් රජය සතු විය යුතු යැයි ද එම ස්ථිර විසඳුම පේතෙක් මානයක පෙනෙනනට නොමැති බවද ඔහු පැවසීය.
අපි මේ සම්බන්ධයෙන් රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපතිගෙන් විමසු විට ඔහු සඳහන් කළේ ඉදිරි කාලය තුළ රෝහල දැඩි අර්බුධයකට මුහුණ පාන බව පෙනෙන්නට තිබෙන බවය.







