ශ්‍රියානි විජේසිංහ –
-
සැපයුම්කරුට ණය ගෙවා නෑ… ලේ බැංකුවේ අධ්යක්ෂවරයාගේ පුද්ගලික මැදිහත්වීමෙන් ඇසුරුම් ටිකක් ගෙන්වා ගෙන… ඒ අසුරුම් වරායෙන් නිදහස් කරගන්නත් දින කීපයක් ගතවේවි…
-
ප්‍රධාන රුධිරපාරවිලයන මධ්‍යස්ථානය වෙත පැමිණෙන ප්‍රාදේශීය රුධිර බැංකු සාමාජිකයින්ට ඇසුරුම් නැතිව හිස් අතින් හැරී යාමට සිදුවෙලා…
රුධිර පාරවිල ප්‍රධාන මධ්‍යස්ථානය තුළ අද (1) වන විට රුධිරය එකතු කරන ක්වොඩ්ඩ්‍රිපල් ශල්‍ය ඇසුරුම් (Quadruple Blood Bag) මුළුමනින්ම අවසන් වී ඇතැයි එම මධ්‍යස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ තත්ත්වය තුළ රුධිරය එකතු කරන ක්වොඩ්ඩ්‍රිපල් ශල්‍ය ඇසුරුම් (Quadruple Blood Bag) ගෙනයාමට ප්‍රධාන රුධිරපාරවිලයන මධ්‍යස්ථානය වෙත පැමිණෙන ප්‍රාදේශීය රුධිර බැංකු සාමාජිකයින්ට හිස් අතින් හැරී යාමට සිදුව ඇති බවත් ලංකාසර කළ විමසුමක දී ජාතික රුධිරපාරවියන මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසීය.ෙ
රුධිරය එකතු කරන ත්‍රිපල් ඇසුරුම් සති දෙකකට පමණ ප්‍රමාණවත් වුවද කොන්ට්‍රබල් ඇසුරුම් නොමැති වීමෙන් ත්‍රිපල් ඇසුරම් ද තව දින 10ක පමණ කාලයක් තුළදී අවසන් වනු ඇති බව එම ප්‍රකාශකයා පැවසීය.
ක්වොඩ්ඩ්‍රිපල් ශල්‍ය ඇසුරුම් (Quadruple Blood Bag) සැපයුම් සැපයුම්කරුගෙන් මීට පෙර අවස්ථා දෙකකදී ගෙන්වා ගත් තොගයන් සඳහා රුපියල් මිලියන ගණනක් ගෙවිය යුතුව තිබුණද මේ වන තෙක් එය ගෙවා නොමැති පසුබිමක රුධිර බැංකුවේ අධ්යක්ෂවරයාගේ පෞද්ගලික මැදිහත් වීම මත Quadruple ඇසුරුම් තොගයක් ගෙන්වාගෙන ඇති අතර එය අද (01) වරායට පැමිණ ඇත.
එහෙත් එය නිදහස් කර ගැනීමට දින කීපයක් ගත වන බවද එය නිදහස් කර ගන්නා තෙක් රුධිරය එකතු කිරීමට ශල්‍ය ඇසුරුම් නොමැති බව ද සඳහන් වේ.
අනෙක් රුධිර ඇසුරුම් විශේෂයවන ත්‍රිපල් ඇසුරුම් තව ඇත්තේ සති දෙකකට පමණක් බව වාර්තා වේ. ත්‍රිපල් ඇසුරුම් මිලදී ගැනීමට අවශ්‍ය කරන ණයවර ලිපිය මේ වන තෙක් විවෘත කර නොමැති බවත් ණයවර ලිපි විවෘත කර ඇසුරම් ඇනවුම් කළද එය ලැබීමට මාස තුනක පමණ කාලයක් ගතවනු ඇති බවත් ඔහු පැවසීය.
මේ අනුව ඉදිරියේදී රුධිර ඇසුරුම්වල උග්‍ර හිඟයක් ඇතිවීමේ අවදානමක් තිබේ. ඒ තත්ත්වය තුළ හිඟයක් ඇතිවීමේ අවදානම ඉතා තදිනම් තිබෙන බව ආරංචි මාර්ග සදහන් කරයි







