ශ්‍රියානි විජේසිංහ –
පසුගියදා යාල සිදු වූ සිද්ධියට තම පුත්‍රයාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව කෘෂිකර්ම වනජීවි සහ වනසම්පත් ඇමති මහින්ද අමරවීර සඳහන් කරයි.
මෙම සිද්ධිය ඇති වු දින කීපය තුළ තම පුත්‍රයා යාලට තියා ගාල්ලටවත් නොගිය බව ඇමතිවරයා සඳහන් කරයි.
පුතා කොළඹින් පිට ගොස් ඇත්තේ මතුගම තම ඥාතිවරයෙකුගේ නිවසට පමණක් බවත් මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ තම පුත්‍රයා අධ්‍යාපන කටයුතුවල නිරත සිට ඇති බව තමා ඇමරිකාවේ සිට කළ සොයා බැලීමේදී දැනගන්නට ලැබුණ බවත් හෙතෙම අවධාරණය කරයි.
මේ සිද්ධිය පිලිබඳව තම පුත්‍රයාගන් සහ නිවසේ අයගෙන් ප්‍රශ්න කළ බවද ඇමති අමරවීර සදහන් කරයි.







