ලලිත් චාමින්ද –
ගිංතොට ගිංගඟමාවතේ මුස්ලිම් පල්ලියක දේපාර්ශවයක් අතර ඇතිවු ආරවුලක් දුරදිගයාමෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.
ඊයේ (26) පස්වරුවේ දි මෙම ගැටුම ඇතිවි තිබේ.
ඊයේ මෙකි මුස්ලිම් පල්ලිය තුළ ආගමික උත්සවයක් පැවති අතර එහි දී කොඩියක් එසවිම සම්බන්ධයෙන් මෙම දේපාර්ශවය අතර ගැටුම ඇති වී තිබෙන බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
පොලු හා ගල්වලින් පහරදිම නිසා එක් පාර්ශවයක වාහනයකටද අලාභහානි වි ඇති බව පොලිසිය පවසයි. මෙම පල්ලියේ දේපාර්ශවයක් අතර කලක පටන් පල්ලියේ අයතිය සම්බන්ධයෙන් සිද්ධියක් මුල්කරගෙන මත ගැටුමක් ඇතිවි තිබු බව පොලිසිය පවසයි.
ගැටුමට සම්බන්දයෙන් 04 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක පුලස්ති සොයිසා මහතාගේ මෙහෙයවිම යටතේ පරික්ෂණ පැවැත්වේ.







