-
දරුවන්ට එරෙහි අපරාධ 3183ක්. ළමා දූෂණ 1780ක්…අපරාධ 59%ක විමර්ශන නිමා කර නෑ…
ලලිත් චාමින්ද –
ඉකුත් වර්ෂය තුළ (2021) දළ වශයෙන් සෑම පැය තුනකට වරක්ම දරුවෙක් බල අපරාධයකට ලක් වී ඇතැයි හෙළි වී තිබේ.
2021 වසට අදාලව බල අපරාධ සිද්ධින් 3183ක් වාර්තා වි ඇති අතර ඉන් සිද්ධින් 1876කට අදාලව විමර්ශන කටයුතු අවසන්ව නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
ප්‍රතිශතයක් වශයෙන් ගත්විට විමර්ශන කටයුතු අවසන්ව නොමැතිව ඇති සිද්ධින් සියයට 59ක් බැව් විගණන වාර්තාවේ සදහන් වේ.
ළමුන්ට එරෙහිව වාර්තා වි ඇති අපරාධ අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ දුෂණවන අතර එම සංඛ්‍යාව 1780කි. මින් විමර්ශන කටයුතු අවසන්කොට තිබුණේ සියයට 44කි.
අපහරණය සම්බන්දයෙන් සිද්ධින් 611ක් වාර්තා වි ඇති අතර විසඳීමේ ප්‍රතිශතය සියයට 30කි. බරපතල ලිංගික අපයෝජනය සම්බන්දයෙන් සිද්ධින් 580ක් වාර්තා වි තිබු අතර විසඳීමේ ප්‍රතිශතය සියයට 43කි. අපරාධ විසඳීමේ ප්‍රතිශතය ඉතා අඩු මට්ටමක පැවති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
ළමුන්ට එරෙහිව අපරාධ විසඳීමේ ප්‍රතිශතය මිට වඩා ඉහල අගයක් ගතයුතු බව ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට ප්‍රකාශකොට ඇත. ළමුන්ට එරෙහිව අපරාධ විසඳීම සදහා කඩිනම් ක්රියාමාර්ගගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
ශ්‍රිලංකා පොලිසිය සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව මෙකී විගණන වාර්තා නිකුත්කොට තිබුණි.







