පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්විත්ව පුරවැසි භාවය ඇති මන්ත්රීවරුන් මැතිවරණ කොමිසම හරහා ඉවත් කිරීමට රජය සූදානම් වේ.
දැනට පාර්ලිමේන්තුව තුළ ද්විත්ව පුරවැසියන් 10ක් පමණ සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බවත් තවමත් මේ කිසිම පුද්ගලයෙක් සිය මන්ත්රී ධූරය අත්හැරීමේ සූදානමක් නැති බවත් වාර්තාවන පසුබිමක රජය මෙම තීන්දුව ගෙන ඇතැයි වාර්තා වේ
මෙම ද්විත්ව පුරවැසි මන්ත්රීවරුන්ට වහාම ඉල්ලා අස්වන ලෙස මැතිවරණ කොමිසමට කතානායක හරහා දැනුම් දෙන බව ද රජයේ ආරංචි මාර්ග පවසයි.
ඊටත් ඇහුම්කන් නොදෙනවා නම් ඊට එහා යන ක්රියාවලියකට අවතීර්ණ වීමට සැලසුම් සකස් වෙමින් ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධව තීන්දුවක් ගැනීමේ පූර්ණ බලය තිබෙන්නේ අධිකරණයට බව ලංකාසර කළ විමසුමක දී මැතිවරණ කොමසමේ නිලධාරියෙක් පැවසුවේය. ඔහු කියා සිටියෙ ද්විත්ව පුරවැසි භාවය හිමි මන්ත්රිවරු සිටියත් ඒ අයගේ තනතුරු ඉවත් කිරීමට මැතිරවණ කොමිෂන් සභාවට කිසිම බලයක් නොමැති බවය.
අධිකරණ ක්රියාමාර්ගයක් හරහා මැතිවරණ කොමිසටමට ඒ බව දන්වනවා නම් වහාම ඒ සම්බන්ධව ක්රියා කළ හැකි බව ද ඔහු පැවසුවේය.
මේ අතර අස්ගිරි මහා විහාර පාර්ශවය දන්වා සිටින්නේ වර්තමාන පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසිකම සහිත මන්ත්රීවරුන් සිටී නම් රටටත් ජනතාවටත් අවංක වී ඒ බව රටට හෙළි කර සිය ධූරවලින් ඉල්ලා අස්විය යුතු බවය.







