22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර තුන්වන වර කියවීමේ දී එයට පක්ෂව මන්ත්‍රීවරු 174 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළ අතර විපක්ෂව කිසිදු මන්ත්‍රීවරයෙකු ඡන්දය භාවිතා කළේ නැත.
පොදුජන පෙරමුණු මන්ත්‍රී සරත් වීරසේකර ඡන්දය දීමෙන් වැළකී සිටියේය. කෙටුම්පත දෙවන වර කියවීමේදී පක්ෂව ඡන්ද 179ක් ද විපක්ෂව එක් ඡන්දයක් ද හිමි විය. විපක්ෂව ඡන්දය ලබා දී තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරයි.
මෙම ඡන්දය විමසන අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපපක්ෂ , ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රිවරුන් 44 දෙනකු සභා ගැබේ නොසිටිටීම ද විශේෂත්වයක් විය.







