විදුලිය බිල නියමිත පරිදි නොගෙවීම හේතුවෙන් ජාතික රූපවාහිනියේ විදුලිය සම්බන්ධතාව විසන්ධි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර ඇති බව වාර්තා වේ.
අද දිනයේ මෙම විසන්ධි කිරීම සිදුවූ කොට ඇති අතර මේ වනවිට ජාතික රූපවාහිනියේ සියලු කටයුතු විදුලි ජනන යන්ත්‍ර ආධාරයෙන් සිදු කරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වනවිට රූපවාහිනියේ කළමනාකාරීත්වය විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ද සමඟ ද සාකච්ඡා පවත්වමින් සිටින අතර මහජන උපයෝගීතා කෙමිසමේ මැදිහත්වීමද ඉල්ලා ඇති බව අනාවරණය වේ.
ජනමාධ්‍ය අමාත්‍යවරයාටද මෙම තත්ත්වය පිළිබඳ ව බලධාරීන් විසින් දැනුම් දෙනු ලැබ ඇති අතර අමාත්‍ය මට්ටමින්ද මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව සඳහන් වේ.







