තමන් සමග මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ව්‍යාපාරයක් ආරම්භ කළ බවත් එම ව්‍යාපාරය පාඩු ලැබූ නිසා හාමුදුරුවන්ගේ V8 රථය විකුණාගෙන අලාභය ආවරණය කරගන්නා ලෙස හාමුදුරුවන් කළ ප්‍රකාශය මත එම රථය විකිණූ බවත් කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී ප්‍රියංකා ජයසේක ප්‍රකාශ කර ඇත.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ V8 රථය විකුණා මුදල් ලබා ගෙන එම මුදල් ලබා නොදුන් බවට චෝදනාවට ලක්ව සිටින කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ප්‍රියංකා ජයසේකර විසින් තමන්ට නගන චෝදනා සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති සේවයට පිළිතුරු ලබා දෙමින් ඒ බව ප්‍රකාශ කර තිබිණි. .
එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ නමට මෙම රථය ලියාපදිංචි කර නොමැති බවය.
එසේ ලියාපදිංචි කර තිබේ නම් තමන්ට වාහනය විකුණා ගැනීමට නොහැකි බවත් වාහන අයිතිය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට ඇති බවට ඔප්පු කිරීමට හැකි නම් එය පෙන්වන ලෙසත් ඇය අභියෝග කළාය.
එමෙන්ම වාහන අයිතිය ඇති බවට පෙන්වීමට කිසිම ලියවිල්ලක් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට තවමත් නොමැති බව පවසන ඇය වැඩිදුරටත් කියා සිටියේ, ස්වාමීන් වහන්සේ සහ තමන් ව්‍යාපාරයක් කෙරූ බවය.
උන් වහන්සේගේ ඉල්ලීම මත ඒ සඳහා මුදල් යෙදූ බවත් හැත්තෑ පස් දෙනෙකුගේ රැකියාව අහිමි වීමේ අවදානමක් ඇති බව ප්‍රකාශ කරමින් උන්වහන්සේ මෙලෙස තමන්ව යොදාගත් බවත් ඇය හෙළි කළාය.
මෙම සිද්ධිය 2017 වර්ෂයේ දී සිදුවූවක් බවත් ස්වාමීන් වහන්සේගේ චරිතාපදානය සඳහා උත්සවයක් පවත්වන්න මුදල් යොදවන ලෙස ලැබුණු ආරාධනාවක් මත තමන් ස්වාමීන් වහන්සේ සමග හිතවත්කම් ඇති කර ගත් බවයි ප්‍රියංකා ජයසේකර සඳහන් කළාය.
ස්වාමීන් වහන්සේගේ විහාරස්ථානයේ සිය මියගිය අම්මා වෙනුවෙන් සිද්ධ හූනියම් දේවාලයක් ද ඉදි කර ඇති බවත් තමන්ට අසාධාරණයක් කිරීම දෙවියන්ගෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ඇය පැවසුවාය.
තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අස්වීමට ඉල්ලා සිටිය ද, ඒ සඳහා එයින් අවසරයක් නොලැබුණ බවත්, ඔවුන් සඳහන් කළේ මේ වෙනුවෙන් එවන් තීරණයක් නොගත යුතු බවත්ය.
හිරු –







