-
රනිල් ජනපති ඊලඟ ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂක හීනයෙන් එළියට… පොහොට්ටුවේ අපේක්ෂකයා රාජපක්ෂ කෙනෙක් බව කියැවෙයි…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත අගමැති ධූරයට පත්කිරීම සම්බන්ධව පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේ සාකච්ඡා ආරම්භ වී තිබේ.
ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන සහ නාමල් රාජපක්ෂ මූලිකත්වයෙන් දියත් වී ඇති මේ සාකච්ඡා මේ වනවිට අගමැති දිනේෂ් ගුණවර්ධන සමග ද පවත්වා ඇතැයි වාර්තා වේ.
අභ්‍යන්තර ආරංචි මාර්ග හෙලි කරන පරිදි දිනේෂ් ගුණවර්ධන සිය අගැමැති ධූරය මහින්ද රාජපක්ෂ වෙත ප්රදානය කිරීමට කැමැත්ත පල කර තිබේ.
මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කරමින් මෙම දේශපාලන ප්‍රචාරණ ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ නාමල් රාජපක්ෂ ඊලඟ ජනාධිපති අපේක්ෂකයා කිරීමේ සැලසුම සහිතව බව ද එම ආරංචි මාර්ග කියයි.
පසුගිය වකවානුවේ මොන දේ වුනත් මේ මොහොත වනවිට ජනතාව පොහොට්ටුව සමග සිටින බවටවූ දැඩි විශ්වාසයක් සහිතව මෙම දේශපාලන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වී තිබේ.
වත්මන් ජනාධිපතිවරයා ලවා තව ටික කාලයක් මේ තත්ත්වය පවත්වාගෙන ගොස් ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවේ සහාය ලබන පොදු අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ රැගෙන ඒමට කරන මෙම උත්සාහයට පක්ෂය අභ්‍යන්තරයෙන්ම යම් විරෝධයක් මතු වී ඇත.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙවැනි බාරධූර වගකීමක් සඳහා නාමල් රාජපක්ෂ තව පරිනත විය යුතු බවය.
එහෙත් ජනතාව රාජපක්ෂ පවුල ආරක්ෂා කරගෙන ඔවුන්ගෙන් කෙනෙක් යළි ජනාධිපති ධූරයට පත් කරනු ඇතැයි තද බල විශ්වාසය සහිතව පොහොට්ටුවේ අනාගත දේශපාලන සැලසුම සකස් වී ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසයි .







