ශ්‍රියානි විජේසිංහ –
ලෝක බැංකු ණය යටතේ මිල දී ගැනීමට යෝජිත යුරියා පොහොර ටෙන්ඩරය සම්බන්ධව ඕනෑම පාරශවයක් සමග සාකච්ඡා කිරීමට තමා සුදානම් බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.
මෙම සාකච්ඡාව හෙට දින එනම් 2022. 10. 11 දින පෙරවරු 12.00ට බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඕනෑම කණ්ඩායමකට මේ සඳහා සහභාගි විය හැකි බව දැනුම්දේ.
යුරියා පොහොර මිල දී ගැනීමේ වැඩ පිළිවෙළේ යම් යම් අඩුපාඩු ඇත්නම් ඒවා හඳුනාගැනීමටත්, රටේ කෘෂිකර්මාන්තයේ උන්නතිය හා ගොවි ජනතාව වෙනුවෙන් සිදු කරන ජාතික මෙහෙවරක් ලෙස සළකා මෙම වැඩ පිළිවෙළට අදාලව අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටී.
එළඹෙන මහ කන්නය අසාර්ථක වුවහොත් දැනට අප මුහුණ පා සිටින ආහාර අර්බුදය හා මන්දපෝෂණ තත්ත්වය තවතවත් දරුණු ලෙස ඉහළ යා හැකි බැවින් මෙම බැරෑරුම් අවස්ථාවේ මෙරට කෘෂිකාර්මික අංශය නංවාලීම අප හැමගේ වගකීමක් බවත්, ඒ සඳහා රටේ සියලු දෙනාගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත් ඇමතිවරයා පවසයි.







