මිනුවන්ගොඩ ගමන්ගෙදර ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු ගුවන් හමුදාවෙන් පලාවිත් සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයෙක් බව විමර්ශන කණ්ඩායම් විසින් හඳුනාගෙන ඇත.
මෙම වෙඩික්කරු මේ වනවිට පලා ගොස් ඇති බවත් ඩුබායිහි සිටින පාතාල අපරාධකරුවෙක් මෙම පුද්ගලයා මෙහෙයවා ඇති බවත් අනාවරණය වේ.
මෙම අපරාධ කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ කරවලයා නමින් හඳුන්වන කරවල ව්‍යාපාරිකයෙක් බවත් ඔහු ගිය අවුරුද්දේ සරුංගල් සිද්ධියට සම්බන්ධව ඝාතනය වූ සුද්දා නැමැත්තාගේ පියා බවත් හෙළි වී තිබේ.
විශේෂ කාර්ය බලකාය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පවසා ඇත්තේ නිවසේ තිබූ රන් භාණ්ඩ උකස්කර සහ විකුණා දමා තමන්ගේ පුතා මරා දැමූ පුද්ගලයින් මරා දැමීම සඳහා එම කොන්ත්‍රාත්තුව ලබා දුන් බවය.







